මෙම පොත දෙවියන් වහන්සේ විසින් ප්‍රේරණය කළ එකක් නොවේ සහ එය ක්‍රිස්තියානී කැනනයට හෝ යුදෙව් තානාක්ට අයත් නොවේ. මෙය ඉතිහාසමය හා අධ්‍යයන අරමුණු සඳහා පමණක් පෙන්වනු ලැබේ. සම්පූර්ණ විස්තරය බලන්න උපදේශකයා හෙවත් සිරාක් 1 - Sinhala New Revised Version 2018ප්‍රඥාවේ අබිරහස 1 සියලු ප්‍රඥාව දෙවිඳුන්ගෙන් ය; එය සදහට ම එතුමන්ගේ ය. 2 මුහුදේ වැලි ද වැහි බිංදු ද සදාතනයේ දවස් ද ගිණිය හැක්කේ කවරෙකුට ද? 3 අහසේ උස ද පොළොවේ පළල ද පාතාලයෙහි ගැඹුර ද දැනගත හැක්කේ කවරෙකුට ද? 4 සියලු දේට පෙර ප්‍රඥාව මවන ලද්දේ ය. 5 විචක්ෂණ බුද්ධිය සදාකාලික ය. 6 ප්‍රඥාවේ මුල කවරෙකුට එළිදරව් කරන ලද්දේ ද? 7 ඇයගේ උපා දස්කම් දන්නේ කවරෙක් ද? 8 ඇත්තේ එක ම ප්‍රාඥයාණෝ ය. 9 සිහසුන් අරා හිඳින විට එතුමාණෝ අතිබියකරු ය. එතුමාණෝ සමිඳාණෝ ය. එතුමාණෝ ඇය මැවූ සේක. ඇය දෙස බලා ඇගේ අගය නිශ්චය කළ සේක. එතුමාණෝ තමන් සියලු කෘතීන් පිට ඇය වැගිරවූ සේක. 10 සව් සතට යම් ප්‍රමාණයකට ප්‍රඥාව දුන් සේක. තමන්ට ප්‍රේම කරන අයට ඇය ඉතා බහුල ව ප්‍රදානය කළ සේක. දේව ගරුබිය 11 දෙවිඳුන්ට ගරුබිය පෑම මහිමයකි, ගෞරවයකි, ප්‍රීතියකි, ප්‍රීතියේ මුදුන් මල්කඩකි. 12 සමිඳුන් හට ගරුබිය පෑම සිත පිනවයි. ප්‍රීතිය, ආනන්දය හා දිගායු ගෙනදෙයි. 13 සමිඳුන් හට ගරුබිය පාන්නාගේ අවසානය වාසනාවන්ත ය. ඔහුගේ මරණ දවසෙහි දී ඔහු ආසිරි ලබයි. 14 ප්‍රඥාවේ පටන්ගැන්ම සමිඳුන් හට ගරුබිය පෑම ය. ප්‍රඥාව සැදැහැවතුන් සමඟ මවන ලද්දේ මවු ගැබෙහි ය. 15 මිනිසුන් අතර සදා පදනමක් වූ කැදැල්ලක් ප්‍රඥා තොමෝ සාදාගත්තා ය. ඔවුන්ගේ පුතුන්ට ඈ විශ්වාසවන්ත ලෙස ඇලුම් ව සිටියි. 16 ප්‍රඥාවේ සම්පූර්ණත්වය සමිඳුන් හට ගරුබිය පෑම ය. ඈ තම දීමනාවලින් ඔවුන් කුල්මත් කරයි. 17 ඈ ඔවුන්ගේ මුළු ගෘහය ඔවුන් කැමැති දෙයින් පුරවයි. ඇගේ ඵලදාවෙන් ඔවුන්ගේ අටුකොටු පුරවයි. 18 සමිඳුන් හට ගරුබිය පෑම ප්‍රඥාවේ කිරීටය වේ. එයින් සාමය හා සුවය වැඩි වර්ධනය වේ. 19 සමිඳාණෝ ඇය දෙස බලා, ඇගේ අගය නිශ්චය කළ සේක. අවබෝධය ද නැණනුවණ ද වැස්සක් මෙන් වැටෙන්නට සැලැසූ සේක. ඇය අත්කරගත් අයගේ කීර්තිය උසස් කළ සේක. 20 ප්‍රඥාවේ මුල සමිඳුන් හට ගරුබිය පෑම ය. ඇගේ අතුපත් නම් දීගායු වැළඳීම වේ. 21 සමිඳුන් හට පාන ගරුබිය පාපය දුරු කරයි. දැඩි වීර්යය කරන්නා කෝපය වළක්වයි. ඉවසීම හා ආත්ම දමනය 22 දුෂ්ටයාගේ බලවත් කෝපයෙන් ඔහු නිදහස් බව ඔප්පු නොවේ. ඔහුගේ කෝපයේ බර ඔහුගේ විනාශය වේ. 23 ඉවසන දනෝ තම වේලාව එන තෙක් සන්සුන් ව සිටිති. එහෙත්, අන්තිමේ දී ඔවුන්ගේ ප්‍රීතිය දිස් වෙයි. 24 වේලාව එන තෙක් ඔව්හු තම වචන හික්මවති. සියලු දෙන ඔවුන්ගේ නැණවත්කම පසසති. ප්‍රඥාව හා දැහැමිකම 25 ප්‍රඥාවේ නිධාන අතර වියත් කියමන් ඇත. එහෙත්, පවිටුන්ට දේව භක්තිය පිළිකුල් ය. 26 ඔබ ප්‍රඥාවට ආසා කරන්නෙහි නම් අණපනත් පිළිපදින්න. සමිඳාණෝ ඇය ඔබට දෙන සේක. 27 සමිඳුන් හට ගරුබිය පෑම ප්‍රඥාව හා උපදෙස් වේ. විශ්වාසවන්තකම ද කරුණාවන්තකම ද එතුමාණෝ ප්‍රිය කරන සේක. 28 දෙවිඳුන් හට ගරුබිය පෑමට මුරණ්ඩු නොවන්න. දෙගිඩියාවෙන් එය අභ්‍යාස නො කරන්න. 29 ලෝකයා ඉදිරියෙහි වංචනික ලෙස නොහැසිරෙන්න. ඔබේ තොල් පිට රැකවල් තබන්න. 30 ඔබ වැටී ලජ්ජාවට භාජන නොවන පිණිස අහංකාර නොවන්න. මන්ද, සමිඳාණෝ ඔබේ රහස් එළිදරව් කරන සේක. මුළු සභාව මැද ඔබ පහත් කරන සේක. මන්ද, ඔබ දේව ගරුබිය අභ්‍යාස නොකෙළෙහි ය. ඔබේ සිත වංචාවෙන් පිරී තිබෙන හෙයිනි. |