හැඳින්වීම
වංශාවලියේ පළමු වන පොත අවසන් කරන සිද්ධියෙන් එහි දෙ වන පොත ආරම්භ වෙයි. මෙහි මුලින් ම සඳහන් කොට ඇත්තේ සලමොන් රජුගේ මරණය දක්වා ඔහුගේ රාජ්‍ය පාලනය ගැන විස්තරයකි. සලමොන් රජුගේ පුත්‍රයා වූ රෙහොබෝවම්ට විරුද්ධ ව ජෙරොබෝවම්ගේ නායකත්වය යටතේ උත්තර රාජධානියේ ජනතාව ගෙනගිය කැරැල්ල වාර්තා කළ පසු, ක්‍රි.පූ. 586 යේ ජෙරුසලමේ වැටීම දක්වා දක්ෂිණ රාජධානියේ ඉතිහාසය මෙම පොතෙහි අඩංගු කර ඇත.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද –9 සලමොන් රජුගේ රාජ්‍ය පාලනය.
(අ) පරිච්ඡේද 1:1-17 මුල් අවදිය.
(ආ) පරිච්ඡේද 2:1–7:10 දේව මාලිගාව ගොඩනැඟීම.
(ඉ) පරිච්ඡේද 7:11–9:31 අවසාන කාලය.
පරිච්ඡේද 10 උතුරු රාජධානියේ සෙනඟ කැරලි ගැසීම.
පරිච්ඡේද 11:1–36:12 ජුදාහි රජවරු.
පරිච්ඡේද 36:13-23 ජෙරුසලමෙහි වැටීම.