Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -

1 රාජාවලිය INTRO1 - Sinhala New Revised Version 2018

1

හැඳින්වීම
සාමුවෙල්ගේ පළමු වන පොතෙන් අරඹන ලද ඉශ්රායෙල් රජ පෙළපතේ ඉතිහාසය මෙහි වැඩිදුරටත් විස්තර කොට ඇත. මෙම පොත කොටස් තුනකට බෙදිය හැකි ය.
(1) දාවිත් රජුගේ ඇවෑමෙන් පසු ඔහු පුත් සලමොන් රජ වීම.
(2) සලමොන් රජුගේ රාජ්‍ය පාලනය සහ ඔහුගේ වික්‍රමාන්විත ක්‍රියා-විශේෂයෙන් සඳහන් කළ යුත්තේ, ඔහු ජෙරුසලමේ දේව මාලිගාව ගොඩනැඟීමයි.
(3) රාජ්‍යය උතුර, දකුණ කියා කොටස් දෙකකට කැඩී යාම සහ ක්‍රි.පූ. නව වන ශත වර්ෂයේ මැද භාගය දක්වා රාජ වංශ කතා.
රාජාවලියේ පොත් දෙකේ ම පාලකයන් විනිශ්චය කොට ඇත්තේ, ඔවුන් දෙවියන් වහන්සේට දක්වන පක්ෂපාතකම අනුව ය. ජාතික සමෘද්ධිය මෙකී පක්ෂපාතකම මත රඳා පවතින අතර, රූප වන්දනාව සහ දෙවියන් වහන්සේට අකීකරු වීම ජාතික විපතට මඟ පාදයි. රූප වන්දනාවට නොනැමෙන ලෙසත්, දෙවියන් වහන්සේට කීකරු වන ලෙසත් උන් වහන්සේ වෙනුවෙන් කතා කළ දිවැසිවරයන් ප්‍රකාශ කර ඇති බව මේ පොතේ සඳහන් වී ඇත. මොවුන් අතරෙන් විශේෂයෙන් කැපී පෙනෙන්නේ එලියා දිවැසිවරයා ය.
මෙහි අඩංගු කරුණු:
පරිච්ඡේද 1:1–2:12 දාවිත් රජුගේ පාලනයේ අවසාන කාලය.
පරිච්ඡේද 2:13-46 සලමොන් රජ වීම.
පරිච්ඡේද 3:1–11:43 සලමොන් රජුගේ පාලන සමය.
(අ) පරිච්ඡේද 3:1–4:34 මුල් කාලය.
(ආ) පරිච්ඡේද 5:1–8:66 දේව මාලිගාව ගොඩනැඟීම.
(ඉ) පරිච්ඡේද 9:1–11:43 අවසාන කාලය.
පරිච්ඡේද 12:1–22:53 රාජ්‍යය බෙදී යාම.
(අ) පරිච්ඡේද 12:1–14:20 උතුරු කොටසේ වංශයන් කැරලි ගැසීම.
(ආ) පරිච්ඡේද 14:21–16:34 ජුදාහි සහ ඉශ්රායෙල්හි රජවරු.
(ඉ) පරිච්ඡේද 17:1–19:21 එලියා දිවැසිවරයා.
(ඊ) පරිච්ඡේද 20:1–22:40 ඉශ්රායෙල්හි ආහබ් රජ.
(උ) පරිච්ඡේද 22:41-53 ජුදාහි ජෙහෝෂාපාට් සහ ඉශ්රායෙල්හි අහසියා නමැති රජවරු.

අපිව අනුගමනය කරන්න:



දැන්වීම්