ඉශ්‍රායෙල්වරු ඔවුහු ය. පුත්‍රකමට පිළිගනු ලැබීමත්, තේජසත්, ගිවිසුම් හා දහම් නීතිය දීමත්, නමස්කාරයත්, පොරොන්දුත් ඔවුන්ගේ ය.
හෙබ්‍රෙව් 9:6 - සිංහල කාලීන පරිවර්තනය මෙම සූදානම් කිරීම් පිළියෙල කොට තිබියදී, පූජකයෝ නියමිත වතාවත් ඉටු කිරීමට නිතිපතා පළමු ස්ථානය තුළට යති. Sinhala New Revised Version මේ දේවල් මෙසේ පිළියෙළ කොට තිබිය දී, පූජකයෝ සිය පුදපූජා ඉටු කිරීමට පළමු වන මණ්ඩපයට ඇතුළු වෙති. Sinhala New Revised Version 2018 මේ දේවල් මෙසේ පිළියෙළ කොට තිබිය දී, පූජකයෝ සිය පුදපූජා ඉටු කිරීමට පළමු වන මණ්ඩපයට ඇතුළු වෙති. Sinhala Revised Old Version ඉඳින් මේ දේවල් මෙසේ සූදානම්කොට තිබෙද්දී, පූජකයෝ මෙහෙයන් ඉෂ්ටකරමින් නිතරම පළමුවෙනි මණ්ඩපයට ඇතුල් වෙති. |
ඉශ්‍රායෙල්වරු ඔවුහු ය. පුත්‍රකමට පිළිගනු ලැබීමත්, තේජසත්, ගිවිසුම් හා දහම් නීතිය දීමත්, නමස්කාරයත්, පොරොන්දුත් ඔවුන්ගේ ය.
ලෙවීය පූජකත්වය මඟින් සම්පූර්ණත්වය අත්කර ගත හැකි වී නම්, (මන්ද ජනයා දහම් නීතිය ලද්දේ ඒ යටතේ ය) ආරොන්ගේ පිළිවෙළට අනුව පූජකයකු නම් කිරීම මිස, මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව වෙනත් පූජකයකු නැගිටීමේ වැඩිපුර අවශ්‍යතාව කුමක් ද?