ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හෙබ්‍රෙව් 9:2 - සිංහල කාලීන පරිවර්තනය

මන්ද කූඩාරමක් පිහිටු වන ලදී. එහි පළමු කොටසේ පහන් රුක ද මේසය ද දේවාභිමුඛ රොටි ද විය. මෙය ශුද්ධස්ථානය නමින් හැඳින්විණ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එතැන මණ්ඩපයක් ඉදි කරන ලදී. එහි පළමු වන කොටසෙහි පහන් රුක ද මේසය ද පිදුම් රොටි ද තිබුණේ ය. එය ශුද්ධස්ථානය නම් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එතැන මණ්ඩපයක් ඉදි කරන ලදී. එහි පළමු වන කොටසෙහි පහන් රුක ද මේසය ද පිදුම් පූපද තිබුණේ ය. එය ශුද්ධස්ථානය නම් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

මක්නිසාද ශුද්ධස්ථානයය කියන පළමුවෙනි මණ්ඩපය සාදනලද්දේය, එහි පහන්රුකද මේසයද පිදීමේ රොටිද තිබුණේය;

පරිච්ඡේදය බලන්න



හෙබ්‍රෙව් 9:2
21 හුවමාරු යොමු  

ඔහු දෙවියන්වහන්සේගේ ගෘහයට ඇතුල්ව, පූජකයනට විනා ඔහුටත්, තම සගයින්ටත් කෑමට අකැප පිදුම් රොටි ගෙන කෑ හැටි?


කිසිවකු පහනක් දල්වා, එය බඳුනකින් වසන්නේ නැත; කරන්නේ පහන් රුකක් මත තැබීම ය; එවිට නිවසේ හැම කෙනකුටම එය එළිය දෙයි.


ඒ, වසරක් පාසා උත්තම පූජකයා තමන්ගේ නො වන ලේ ගෙන, ශුද්ධස්ථානයට ඇතුළු වන ලෙස නැවත නැවතත් තමන්ම යාගවන්නට නො වේ.