මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව උත්තම පූජක නිලයට දෙවියන්වහන්සේ විසින් නම් කරනු ලැබීමෙනි.
හෙබ්‍රෙව් 7:17 - සිංහල කාලීන පරිවර්තනය මන්ද උන්වහන්සේ ගැන සාක්ෂි ඇත, එනම්: “මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව, ඔබ සදහට ම පූජකයෙක් ය” යන්නයි. Sinhala New Revised Version මන්ද: “ඔබ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව සදහට ම පූජකයෙක් වන සේකැ”යි උන් වහන්සේ ගැන සාක්ෂි දී තිබේ. Sinhala New Revised Version 2018 මන්ද: “ඔබ මෙල්කිසදෙක්ගේ පූජක පිළිවෙළ අනුව සදහට ම පූජකයෙක් වන සේකැ”යි උන් වහන්සේ ගැන සාක්ෂි දී තිබේ. Sinhala Revised Old Version මක්නිසාද: ඔබ මෙල්කිසදෙක්ගේ පිළිවෙළේ හැටියට සදාකාලයටම පූජකයෙක්ව සිටිනසේකැයි උන්වහන්සේ ගැන සාක්ෂි දී තිබේ. |
මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව උත්තම පූජක නිලයට දෙවියන්වහන්සේ විසින් නම් කරනු ලැබීමෙනි.
තවත් තැනක උන්වහන්සේ මෙසේ පවසන සේක, “මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව, ඔබ සදහට ම පූජකයෙක් ය.”
මෙල්කිසදෙක්ගේ පිළිවෙලේ සදහට ම උත්තම පූජකයකු බවට පත් පසු, අප උදෙසා අප පෙර ගමන්කරු ලෙස යේසුස්වහන්සේ ගියේත් එතැනට ය.
ලෙවීය පූජකත්වය මඟින් සම්පූර්ණත්වය අත්කර ගත හැකි වී නම්, (මන්ද ජනයා දහම් නීතිය ලද්දේ ඒ යටතේ ය) ආරොන්ගේ පිළිවෙළට අනුව පූජකයකු නම් කිරීම මිස, මෙල්කිසදෙක්ගේ පිළිවෙළට අනුව වෙනත් පූජකයකු නැගිටීමේ වැඩිපුර අවශ්‍යතාව කුමක් ද?
එහෙත් මෙතුමාණන් පූජකයකු කරනු ලැබ ඇත්තේ මෙලෙස පැවසූ තැනැන්වහන්සේගේ දිවුරුමකිනි: “ස්වාමින්වහන්සේ දිවුළ සේක; ස්වකීය සිත වෙනස් නො කරන සේක; ‘ඔබ සදහට ම පූජකයෙක් ය.’ ”