තවමත් ඔබට වැටහෙන්නේ නැති ද? පන්දහසකට දුන් රොටි පහ ගැනත් පසුව කූඩ කීයක් පුරවා ගත්තා ද කියාත් ඔබට අමතක ද?
හෙබ්‍රෙව් 2:1 - සිංහල කාලීන පරිවර්තනය එබැවින්, අප අසා ඇති දෑ වෙතින් අප ඉවත ඇදී නො යන පිණිස, අප ඒ ගැන වඩා තියුණු අවධානයක් යොමු කළ යුතු වෙයි. Sinhala New Revised Version එබැවින් අප ඇසූ ඉගැන්වීම්වලින් ඈත් ව නොයන පිණිස ඒවා ගැන ඔබ වඩා සැලකිල්ලක් දැක්විය යුතු ය. Sinhala New Revised Version 2018 එබැවින් අප ඇසූ ඉගැන්වීම්වලින් ඈත් ව නොයන පිණිස ඒවා ගැන ඔබ වඩා සැලකිල්ලක් දැක්විය යුතු ය. Sinhala Revised Old Version ඉන්නිසා අසන්ට ලැබූ දේවලින් අප යම් අන්දමකින් අහක්ව නොයන පිණිස ඒවා වඩා ඕනෑකමින් අප විසින් සැලකිය යුතුය. |
තවමත් ඔබට වැටහෙන්නේ නැති ද? පන්දහසකට දුන් රොටි පහ ගැනත් පසුව කූඩ කීයක් පුරවා ගත්තා ද කියාත් ඔබට අමතක ද?
සරු බිමෙහි වූවෝ, යහපත් හදින් වචනය අසා, තදින් එය අල්ලාගෙන, නො පසුබට වීර්යයෙන් පල දරන අයයි.
“මේ වචන ඔබේ කන් පතුළට බසිත්වා. මනුෂ්‍ය පුත්‍රයා මිනිසුන්ගේ අත්වලට පාවා දෙනු ඇතැ” යි පැවසූ සේක.
එවිට ඔවුහු උන්වහන්සේට දමා ගසන පිණිස, ගල් අවුලා ගත්හ. එහෙත් යේසුස්වහන්සේ මුවා වී, දේව මාලිගාවෙන් පිටව ගිය සේක.
පුත්‍රයින් යයි ඔබ අමතන ධෛර්යය ගැන්වීමේ මෙම වචන ඔබට අමතක වූවා ද? “මා පුත, ස්වාමින්වහන්සේගේ හික්මවීම සුළු කොට නො සලකන්න; උන්වහන්සේගෙන් තරවටු ලබන කල නො කලකිරෙන්න;
එබැවින් මගේ ඇවෑමෙන් පසුවත් නිරතුරු මේ දෑ ඔබට මතක් කර ගනු හැකි වන පිණිස හැකි හැම වෑයමක්ම දරමි.
ප්‍රේමණීයයනි, දැන් මා ඔබට ලියන්නේ මගේ දෙවන ලිපියයි. සිහිගැන්වීමේ මෙම ලිපි දෙකින්ම මා උත්සාහ කළේ, ඔබ තුළ නිමල සිතිවිලි පුබුදාලීමටයි.