ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




හෙබ්‍රෙව් 10:8 - සිංහල කාලීන පරිවර්තනය

උන්වහන්සේ කතා කොට, “යාග හා පඬුරුවලට ද දවන පූජා හා පාප පූජාවලට ද ඔබ ආශා වූයේ නැත; ඔබට ඒවා ප්‍රසන්න වූයේ ද නැතැ” යි (මේවා ඔප්පු කරන්නේ දහම් නීතියට අනුව ය) පවසා,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ව්‍යවස්ථාව අනුව ඔප්පු කරන පුදපඬුරුවලටත්, දවන පූජාවලටත්, පාප පූජාවලටත් ඔබ කැමැති වන්නේ වත් සතුටු වන්නේ වත් නැතැ යි ඉහත කියා:

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ව්‍යවස්ථාව අනුව ඔප්පු කරන පුදපඬුරුවලටත්, දවන පූජාවලටත්, පාප පූජාවලටත් ඔබ කැමැති වන්නේ වත් සතුටු වන්නේ වත් නැතැ යි ඉහත කියා:

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ව්‍යවස්ථාවේ හැටියට ඔප්පුකරන පූජාවලටත් පඬුරුවලටත් මුළු දවන පූජාවලටත් පාප පූජාවලටත් ඔබ කැමතිවන්නේවත් සතුටුවන්නේවත් නැතැයි ඉහත කී පසු:

පරිච්ඡේදය බලන්න



හෙබ්‍රෙව් 10:8
4 හුවමාරු යොමු  

මුළු හෘදයෙන් ද මුළු බුද්ධියෙන් ද මුළු ශක්තියෙන් ද උන්වහන්සේට ප්‍රේම කිරීම හා කෙනකු තමාටම ප්‍රේම කරන්නා සේ, ඔහුගේ අසල්වැසියාටත් ප්‍රේම කිරීම, සියලු දවන පූජා හා වෙනත් යාගවලට වඩා උතුම් යැ” යි කීවේ ය.


මාංසයේ දුබලතාව මඟින් දහම් නීතියට කළ නො හැකි වූ දේ, දෙවියන්වහන්සේ කළේ, ස්වකීය පුත්‍රයාණන් පාප මාංසයේ සමානකමින් හා පාපය උදෙසා එවා, මාංසයේ පාපය දඬුවමට පත් කිරීමෙනි.


එබැවින් ක්‍රිස්තුස්වහන්සේ ලොවට එන කල, උන්වහන්සේ මෙසේ පැවසූ සේක: යාග හා පඬුරුවලට ඔබ ආශා නො වූ සේක. ඔබ මට ශරීරයක් සූදානම් කළ සේක;