ඉන්පසු තණ නිල්ල මත හිඳ ගන්නා ලෙස සමූහයාට නියෝග කළ උන්වහන්සේ, රොටි පහ සහ මසුන් දෙදෙනා ද ගෙන, ස්වර්ගය දෙස ඉහළ බලා, ආශිර්වාදය පවසා, ඉන්පසු රොටි කඩා, ගෝලයිනට දුන් සේක. ගෝලයෝ ඒවා සමූහයාට බෙදා දුන්හ.
ලූක් 9:16 - සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ රොටි පහ සහ මසුන් දෙදෙනා ද ගෙන ස්වර්ගය දෙස ඉහළ බලා, ඒවා ගැන ආශිර්වාදය පැවසූ සේක. ඉන්පසු ඒවා කැඩූ උන්වහන්සේ සමූහයා ඉදිරියේ තබන පිණිස, ගෝලයින්ට දුන් සේක. Sinhala New Revised Version එකල උන් වහන්සේ රොටි පහත් මසුන් දෙදෙනාත් ගෙන, ස්වර්ගය දෙස බලා, ආශීර්වාදය පවසා, ඒවා කඩා, සමූහයා ඉදිරියෙහි තබන පිණිස ශ්‍රාවකයන්ට දුන් සේක. Sinhala New Revised Version 2018 එකල උන් වහන්සේ රොටි පහත් මසුන් දෙදෙනාත් ගෙන, ස්වර්ගය දෙස බලා, ආශීර්වාදය පවසා, ඒවා කඩා, සමූහයා ඉදිරියෙහි තබන පිණිස ශ්‍රාවකයන්ට දුන් සේක. Sinhala Revised Old Version එකල උන්වහන්සේ රොටි පහත් මසුන් දෙදෙනක් රැගෙන, ස්වර්ගය දෙස බලා ඒවාට ආශීර්වාදකොට, කඩා, සමූහයා ඉදිරියෙහි තබන පිණිස ගෝලයන්ට දුන්සේක. |
ඉන්පසු තණ නිල්ල මත හිඳ ගන්නා ලෙස සමූහයාට නියෝග කළ උන්වහන්සේ, රොටි පහ සහ මසුන් දෙදෙනා ද ගෙන, ස්වර්ගය දෙස ඉහළ බලා, ආශිර්වාදය පවසා, ඉන්පසු රොටි කඩා, ගෝලයිනට දුන් සේක. ගෝලයෝ ඒවා සමූහයාට බෙදා දුන්හ.
උන්වහන්සේ, ඉන්පසු රොටි හත හා මත්ස්‍යයින් ගෙන, ස්තුති දී, ඒවා කඩා ගෝලයින් අතට දුන් සේක. ගෝලයෝ ඒවා සමූහයාට දුන්හ.
ස්වර්ගය දෙස බලා දිගු සුසුමක් හෙළා, “එප්පාතා!” යි ඔහුට පැවසූ සේක. එහි අරුත “විවර වනු!” යන්න ය.
උන්වහන්සේ රොටි ගෙන, ස්තුති දී, එය කඩා, ඔවුන්ට බෙදා දී, “මේ ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරයයි; මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ” යි පැවසූ සේක.
පසුව උන්වහන්සේ ඔවුන් සමඟ කෑමට හිඳ, රොටි ගෙන, ඊට ආශිර්වාද කර, එය කඩා, ඔවුන්ට දුන් සේක.
සැවොම ඒවා කෑමෙන් තෘප්තියට පත් වූහ. ඉතිරි වූ කැබලි එකතු කරනු ලැබ, කූඩ දොළහක් පුරවාගනු ලැබිණ.
යේසුස්වහන්සේ ඒ රොටි ගත් සේක්, තුති පුදා, එතැන හිඳ සිටි ජනයාට ඒවා බෙදා දුන් සේක. මසුන් ද ඔවුන්ට අවැසි තරම් බෙදූ සේක.
එහෙත් ස්වාමින්වහන්සේ තුති දුන් පසු, ජනයා රොටි කෑවායින් පසු පෙදෙස අසලට එවෙලේ තිබේරියස්හි සිට ඔරු කිහිපයක් ළඟා විණි.
පැවසූ පාවුල්, අනතුරුව රොටි ගෙන, ඔවුන් හැම බලා සිටියදී දෙවියන්වහන්සේට ස්තුති කර, ඒවා කඩා, කෑමට වන්නේ ය.
දවසක් උතුම් යයි සලකන්නා එසේ කරන්නේ, ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. අනුභව කරන තැනැත්තා ඒ ගැන දෙවියන්වහන්සේට ස්තුති දෙන බැවින්, අනුභව කරන්නේ ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා ය. යම් කෑමකින් වැළකී සිටින්නා ද ස්වාමින්වහන්සේගේ ගෞරවය උදෙසා එසේ වැළකී සිටිමින්, දෙවියන්වහන්සේට ස්තුති කරයි.
ස්තුති දී, එය කඩා, මෙසේ පැවසූ සේක; “ඔබ උදෙසා දෙනු ලබන මාගේ ශරීරය මෙයයි. මා සිහි කිරීම පිණිස මෙය කරන්න.”