යමෙක් රාජ්‍යයේ ශුභාරංචි පණිවුඩය අසා, එය තේරුම් නො ගනී නම්, නපුරා අවුත්, ඔහුගේ හදෙහි වපුළ දේ ඩැහැ ගනී. මඟ දිගේ වපුළ බීජ නම් ඔහු ය.
ලූක් 8:12 - සිංහල කාලීන පරිවර්තනය මඟ දිගේ වපුළ වූ ඒවා වන්නේ, වචනය ඇසූ අයයි. එහෙත් ඔවුන් විශ්වාස කර, ගැලවීම නො ලබන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ හදවත්වලින් ඒ වචනය උදුරා ගනියි. Sinhala New Revised Version මඟ අසල වූවෝ නම් වචනය ඇසූ අය ය. එහෙත්, ඔවුන් අදහා ගැළවීම නොලබන පිණිස, යක්ෂයා අවුත් ඔවුන්ගේ සිත්වලින් වචනය පැහැර ගන්නේ ය. Sinhala New Revised Version 2018 මඟ අසල වූවෝ නම් වචනය ඇසූ අය ය. එහෙත්, ඔවුන් අදහා ගැළවීම නොලබන පිණිස, යක්ෂයා අවුත් ඔවුන්ගේ සිත්වලින් වචනය පැහැර ගන්නේ ය. Sinhala Revised Old Version මග අසල ඒවා නම් වචනය ඇසූ අයය; එකල ඔවුන් අදහා නොගැළවෙන පිණිස යක්ෂයා ඇවිත් ඔවුන්ගේ සිත්වලින් වචනය උදුරාගන්නේය. |
යමෙක් රාජ්‍යයේ ශුභාරංචි පණිවුඩය අසා, එය තේරුම් නො ගනී නම්, නපුරා අවුත්, ඔහුගේ හදෙහි වපුළ දේ ඩැහැ ගනී. මඟ දිගේ වපුළ බීජ නම් ඔහු ය.
වචනය වැපුරූ තැන්වල ඇතැම් දෙනා මඟ දිගේ වපුළ වූ බීජ වගෙයි. ඔවුන් ඇසූ කෙණෙහිම සාතන් ඇවිත් ඔවුන් තුළ වපුරන ලද බීජ පැහැර ගනී.
ගල්බිම පිට වූ ඒවා වන්නේ, වචනය ඇසූ කල ප්‍රීතියෙන් එය පිළිගන්නා නමුත් මුල් නැති බැවින්, මද කලකට පමණක් විශ්වාස කර, පරීක්ෂා පැමිණි කල වැටී යන අයයි.
“වපුරන්නෙක් තම බීජ වපුරන්නට ගියේ ය. ඔහු බීජ ඉසිද්දී, ඉන් සමහරක් මඟ දිගේ වැටී, පයට පෑගී ගියේ ය. කුරුල්ලෝ ඒවා කා දැමූහ.
ඒ මහ මකරා පහළට හෙළා දමනු ලැබී ය; මුළු ලෝකයේම රවටන්නා වූ යක්ෂයා හෙවත් සාතන් නමින් හැඳින් වූ ඒ පුරාණ සර්පයා පොළොවට හෙළා දමනු ලැබී ය. උගේ දූතයෝ ද ඌ සමඟ හෙළා දමනු ලැබූහ.