ලූක් 7:42 - සිංහල කාලීන පරිවර්තනය ණය ගෙවන්නට ඔවුන්ට නො හැකි වූ නිසා දෙදෙනාගේම ණය ඔහු කපා හැරියා. මේ දෙන්නාගෙන් ඔහුට වඩා ප්‍රේම කරන්නේ කවුරු දැ?” යි ඇසූ සේක. Sinhala New Revised Version ණය ගෙවීමට ඔවුන්ට කිසි වත්කමක් නැති වූයෙන් ඔහු ඒ දෙදෙනාට ම කමා කෙළේ ය. එබැවින් ඒ දෙදෙනාගෙන් කවරෙක් ඔහුට වැඩියෙන් ප්‍රේම කරනු ඇද්දැ”යි ඇසූ සේක. Sinhala New Revised Version 2018 ණය ගෙවීමට ඔවුන්ට කිසි වත්කමක් නැති වූයෙන් ඔහු ඒ දෙදෙනාට ම කමා කෙළේ ය. එබැවින් ඒ දෙදෙනාගෙන් කවරෙක් ඔහුට වැඩියෙන් ප්‍රේම කරනු ඇද්දැ”යි ඇසූ සේක. Sinhala Revised Old Version ණය ගෙවන්ට ඔවුන්ට කිසිවක් නැති හෙයින් ඔහු ඒ දෙදෙනාටම කමාවූයේය. එබැවින් ඔවුන්ගෙන් කොයි තැනැත්තා ඔහුට වැඩිව ප්‍රේමකරනවා ඇද්දැයි කීසේක. |
සීමොන් පිළිතුරු දෙමින්, “මා හිතන්නේ වැඩියෙන් ණය බරින් නිදහස් වූ තැනැත්තා කියා යැ” යි පැවසී ය. “ඔබේ නිගමනය නිවැරදියි” කී උන්වහන්සේ,
දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ත්‍යාගයක් වශයෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ඇති මිදීම මඟින් ධර්මිෂ්ඨ කරනු ලබති.
මන්ද දහම් නීති ක්‍රියා මත යැපෙන සියල්ලන් ශාපයකට යටත් ය, මන්ද: “දහම් නීති පොතේ ලියන ලද සියලු දේහි පැවත නො සිටින, ඒවා නො පිළිපදින හැම කෙනෙක්ම ශාප ලද්දෙකි” යි ලියා තිබේ.
උන්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ මඟින් අපට මිදීම වන අපගේ පාපවලට කමාව ඇත්තේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ඉසුරුමත් බවට අනුකූලව ය.
ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ ඔබට කමා වූ අයුරින්, ඔබත් එකිනෙකාට කමා කරමින්, එකිනෙකාට කරුණාවෙන් හා දයානුකම්පාවෙන් සලකන්න.
එකිනෙකා ගැන ඉවසීමෙන් කටයුතු කරන්න; යම් කෙනකුට එරෙහිව තවත් කෙනකුට යම් පැමිණිල්ලක් ඇතත්, එකිනෙකාට සමාව දෙමින්, ස්වාමින්වහන්සේ ඔබට කමා කළ අයුරින් ඔබත් කමා වන්න.