ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 7:26 - සිංහල කාලීන පරිවර්තනය

එසේ නම් ඔබ ගියේ කුමක් බලන්න ද? දිවැසිවරයකු ද? ඔව්, මා ඔබට කියන්නේ, දිවැසිවරයකුටත් වඩා උතුම් කෙනකු ය කියායි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එසේ නම් ඔබ කුමක් බැලීමට ගියහු ද? දිවැසිවරයෙකු බැලීමට ද? එසේ ය, මම ඔබට කියමි; ඔහු දිවැසිවරයෙකුටත් වඩා ශ්‍රේෂ්ඨයෙකි,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එසේ නම් ඔබ කුමක් බැලීමට ගියහු ද? දිවැසිවරයෙකු බැලීමට ද? එසේ ය, මම ඔබට කියමි; ඔහු දිවැසිවරයෙකුටත් වඩා ශ්‍රේෂ්ඨයෙකි,

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුමුත් කුමක් බලන්ට ගියහුද? අනාගතවක්තෘ කෙනෙක්ද? එසේය, නුඹලාට කියමි, අනාගතවක්තෘ කෙනෙකුටත් වඩා බොහෝ උතුම් කෙනෙක්ය.

පරිච්ඡේදය බලන්න



ලූක් 7:26
8 හුවමාරු යොමු  

“මා දරුව, නුඹ මහෝත්තමයාණන්ගේ දිවැසිවරයා යයි හඳුන්වනු ලබනු ඇත. මන්ද නුඹ ස්වාමින්වහන්සේගේ මාර්ගය සකස්කරන්නට උන්වහන්සේට පෙරටුව ගමන් ගනු ඇත්තේ,


“දහම් නීතියත්, දිවැසිවරුනුත් යොහන් දක්වා බලපැවැත්විණි. එතැන් පටන් දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ ශුභාරංචිය දේශනා කෙරේ. සියලු දෙනා බලයෙන් ඊට ඇතුළු වෙති.


‘මිනිසුන්ගෙනි’ යි කීවොත් මුළු ජනතාව අප මැරෙන තුරු ගල් ගසාවි; මන්ද යොහන් දිවැසිවරයකු බවට ජනතාව ඒත්තු ගෙන ඇතැ” යි කීහ.


එසේ නම්, ඔබ ගියේ කුමක් බලන්න ද? සිනිඳු සේල සළු පිළි හැඳි මිනිසකු ද? බලන්න, අගනා සළු පිළි හැඳ, සුඛ විහරණයෙන් දිවි ගෙවන අය සිටින්නේ රජ මාලිගාවලයි.


මෙසේ ලියා තියෙන්නේ ඔහු ගැනයි: “ ‘මෙන්න මම මාගේ දූතයා ඔබට පෙරටුව යවමි. ඔබ ඉදිරියේ ඔහු ඔබේ පෙරමඟ සකසනු ඇත.’


යොහන් ඇවිළෙන, බැබළෙන පහනක්ව සිටි සමයේ ඔබත් කලක් ඔහුගේ එළියෙන් ප්‍රමෝද වූවහු ය.