ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 7:20 - සිංහල කාලීන පරිවර්තනය

ඒ මිනිස්සු උන්වහන්සේ වෙත අවුත්, “ ‘එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් වෙනත් කෙනකු ගැන අප බලා සිටිය යුතු දැ?’ යි ඔබගෙන් අසන්නට යොහන් බව්තීස්ත අප එවී යැ” යි කීහ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔව්හු උන් වහන්සේ වෙත පැමිණ, “ ‘වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ’යි විමසනු වස් ස්නාවක ජොහන් අප ඔබ වෙත එවී ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔව්හු උන් වහන්සේ වෙත පැමිණ, “ ‘වඩින්ට සිටින තැනැන් වහන්සේ ඔබ ද? නොහොත් වෙන කෙනෙකු අපේක්ෂා කරමු දැ’යි විමසනු වස් ස්නාවක ජොහන් අප ඔබ වෙත එවී ය”යි කී හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඒ මනුෂ්‍යයෝ උන්වහන්සේ ළඟට ඇවිත්: එන්නාවූ තැනැත්තේ ඔබද? නොහොත් වෙනකෙනෙකු බලා සිටිය යුතුදැයි අහන පිණිස යොහන් බව්තීස්ත අප ඔබ වෙතට එවුවේයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න



ලූක් 7:20
3 හුවමාරු යොමු  

එදවස්හි යොහන් බව්තීස්ත යුදයේ පාළුකරයේ දේශනා කරමින්,


ස්වාමින්වහන්සේ වෙත ඔවුන් යවමින්, “එන්නට සිටි තැනැත්තාණන් ඔබ ද? නැතහොත් වෙනත් කෙනකු ගැන අප බලා සිටිය යුතු දැ?” යි අසා යැවී ය.


ඒ පැයේදීම උන්වහන්සේ රෝග හා ව්‍යාධි තිබූ බොහෝ දෙනකු ද දුෂ්ටාත්ම ද සුව කර, අන්ධව සිටි බොහෝ දෙනකුට පෙනීම දුන් සේක.