ලූක් 6:41 - සිංහල කාලීන පරිවර්තනය “ඔබේ ඇසේ ඇති ලී පතුර දෙස නො බලා, ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ්ඩ දෙස බලන්නේ ඇයි? Sinhala New Revised Version ඔබේ ම ඇසෙහි තිබෙන ලී කොටය නොබලා සහෝදරයාගේ ඇසෙහි තිබෙන ලී කුඩ සොයන්නේ මන් ද? Sinhala New Revised Version 2018 ඔබේ ම ඇසෙහි තිබෙන ලී කොටය නොබලා සහෝදරයාගේ ඇසෙහි තිබෙන ලී කුඩ සොයන්නේ මන් ද? Sinhala Revised Old Version නුඹේම ඇසේ තිබෙන දැවය නොබලා, නුඹේ සහෝදරයාගේ ඇසේ තිබෙන රොඩ්ඩ බලන්නේ මක්නිසාද? |
ඔවුන් වෙත කුඩා මසුන් ස්වල්ප දෙනෙක් ද වූ හෙයින් යේසුස්වහන්සේ ඒවා ද ගෙන, ඊට ආශිර්වාද කර, ඔවුන් ඉදිරියේ තබන්නැයි කී සේක.
ගෝලයකු තම ගුරුවරයාට වඩා උසස් නැත. එහෙත් සම්පූර්ණ පුහුණුව ලද හැම කෙනෙක්ම තම ගුරුවරයා හා සම තත්වයට එති.
ඔබේම ඇසේ ඇති ලී පතුර නො දැක ඔබේ සහෝදරයාට කතා කොට, ‘සොයුර, ඔබේ ඇසේ ඇති ලී කුඩ්ඩ ඉවත් කරන්න ඉඩ දෙන්නැ’ යි කියන්නේ කෙසේ ද? වංචාකාරය, පළමුව, ඔබේ ඇසේ ඇති ලී පතුර ඉවත් කරගන්න; එවිට ඔබේ සහෝදරයාගේ ඇසේ ඇති ලී කුඩ්ඩ ඉවත් කිරීමට පැහැදිලිවම ඔබට පෙනෙනු ඇත.
ඔවුන් දිගටම ප්‍රශ්න කරද්දී, කෙළින් සිටගත් උන්වහන්සේ ඔවුන් අමතමින්, “නුඹලා අතරින් පවක් නො කළ තැනැත්තා ඇයට පළමු ගල ගසත්වා” යි කී සේක.
එබැවින්, එම්බා මනුෂ්‍යය, අන්‍යයන් විනිශ්චය කරන ඔබ කවරකුටවත්, නිදහසට කරුණු නැත. මන්ද අන්‍යයකුට තීන්දුව දෙන කල, ඔබ තමන්ම වරදකරුවකු ලෙස තීන්දු කරගනී. මන්ද විනිශ්චයකරු වූ ඔබ ද ඒ දේම කරන බැවිනි.