“එහෙත් දෙවියන්වහන්සේ ඔහුට කතා කොට, ‘අඥාන ය, අද රැයේම ඔබේ ජීවය ඔබෙන් ගනු ලැබේ. එවිට ඔබ ගොඩගසා ගත් දෑ කවරකුට වේ දැ?’ යි කී සේක.
ලූක් 6:25 - සිංහල කාලීන පරිවර්තනය දැන් සෑහී සිටින ඔබට දුක් වේ: මන්ද ඔබට සාගිනි වනු ඇත. දැන් සිනාසෙන ඔබට දුක් වේ; මන්ද ඔබ හඬනු ඇත; වැලපෙනු ඇත. Sinhala New Revised Version අහෝ, දැන් පුෂ්ටිමත් ව සිටින ඔබට වන විපතක මහත! ඔබට, සාගිනි වනු ඇත. අහෝ දැන් සිනාසෙන ඔබට වන විපතක මහත! ඔබ හඬා වැලපෙනු ඇත. Sinhala New Revised Version 2018 අහෝ, දැන් පුෂ්ටිමත් ව සිටින ඔබට වන විපතක මහත! ඔබට, සාගිනි වනු ඇත. අහෝ දැන් සිනාසෙන ඔබට වන විපතක මහත! ඔබ හඬා වැලපෙනු ඇත. Sinhala Revised Old Version දැන් තෘප්තියට පැමිණ සිටින නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා බඩගිනිවීමට පැමිණෙන්නහුය. දැන් සිනාසෙන්නාවූ නුඹලාට දුක්වේ! මක්නිසාද නුඹලා ශෝකව අඬන්නහුය. |
“එහෙත් දෙවියන්වහන්සේ ඔහුට කතා කොට, ‘අඥාන ය, අද රැයේම ඔබේ ජීවය ඔබෙන් ගනු ලැබේ. එවිට ඔබ ගොඩගසා ගත් දෑ කවරකුට වේ දැ?’ යි කී සේක.
“ආබ්‍රහම් ද ඊසාක් ද යාකොබ් ද දිවැසිවරුන් හැමදෙනා ද දෙවියන්වහන්සේගේ රාජ්‍යයේ සිටිනුත්, ඔබ ඉන් පිටත දමනු ලැබ සිටිනුත්, ඔබ දකින කල එතැන වැලපීමත්, දත්මිටි කෑමත් වන්නේ ය.
සියලු දෙනා ඔබගේ ගුණ වණනා කල ඔබට දුක් වේ; මන්ද ඔවුන්ගේ පියවරුන් බොරු දිවැසිවරුන්ට කළේ ද එයම ය.
තවද අසභ්‍ය, අමන කතා හෝ අශ්ලීල කවටකම් ද ඔබ අතරේ නො විය යුතු ය. ඒවා සුදුසු නැත. ඒ වෙනුවට ස්තුති දීම් පවසන්න.
දැන් සාමකාමී ය, සුරක්ෂිතයයි මිනිසුන් කියන කල, ගැබිණියකට ප්‍රසව වේදනා හටගන්නා සේ හදිසියේම විනාශය ඔවුන් කරා පැමිණෙනු ඇත. ඔවුන් එයින් කිසි සේත් ගැලවෙන්නේ නැත.
‘මා ධනවත් ය; මා ධනය අත්කර ගෙන ඇත. කිසිවකින් මට අඩුවක් නැතැ’ යි ඔබ කියන්නේ ඔබගේ කාලකණ්ණි, දුක්ඛිත, දුගී, අන්ධ හා නග්න භාවය අවබෝධ කරගෙන නො වේ.