ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 23:51 - සිංහල කාලීන පරිවර්තනය

ඔවුන්ගේ තීරණය හා ක්‍රියා කලාපය අනුමත කළේ නැත. ඔහු දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන අපේක්ෂාවෙන් සිටි කෙනෙකි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔවුන්ගේ මන්ත්‍රණයටද ක්‍රියාවටද එකඟ නූණාවූ, සත්පුරුෂවූ, ධර්මිෂ්ඨවූ, යුදෙව්වරුන්ගේ නුවරක් වන අරිමාතියේවූ යෝසෙප් නම් මනුෂ්‍යයෙක්,

පරිච්ඡේදය බලන්න



ලූක් 23:51
13 හුවමාරු යොමු  

යේසුස්වහන්සේගේ ගෝලයකු ව සිටි යෝසෙප් නම් වූ ධනවත් මනුෂ්‍යයෙක් සවස් වෙද්දී, අරිමාතියේ සිට එහි ආවේ ය.


උසස් මන්ත්‍රණ සභිකයකු වූ අරමාතියේ යෝසෙප්, එඩිතරව පිලාත් වෙත ගොස් යේසුස්වහන්සේගේ දේහය ඉල්ලා සිටියේ ය. ඔහු දෙවියන්වහන්සේගේ රාජ්‍යය බලා සිටි කෙනකු ද විය.


ඉශ්‍රායෙල්හි සැනසීම අපේක්ෂාවෙන් සිටි සිමියොන් නම් වූ ධර්මිෂ්ඨ, භක්තිවන්ත මනුෂ්‍යයෙක් යෙරුසලමේ සිටියේ ය. ශුද්ධාත්මයාණන්වහන්සේ ඔහු පිට වැඩසිටි සේක.


ඈ ද ඒ පැයේදීම එහි අවුත්, දෙවියන්වහන්සේට ස්තුති කරන්නටත්, යෙරුසලමේ ගැලවීම අපේක්ෂිත සියල්ලනට දරුවා ගැන පවසන්නටත් වූවා ය.


ඉන්පසු ඔහු, “යේසුස්වහන්ස, ඔබ, ඔබගේ රාජ්‍යයට එන කල, මා සිහි කරන්නැ” යි කීවේ ය.


මේ මිනිසා පිලාත් වෙත ගොස්, යේසුස්වහන්සේගේ දේහය ඉල්ලුවේ ය.