ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 23:40 - සිංහල කාලීන පරිවර්තනය

එහෙත් අනෙක් අපරාධකරු ඔහුට තරවටු කරමින්, “එකම දඬුවමක් ලබා සිටියදීත් නුඹ දෙවියන්වහන්සේට බය නැද්ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

අනෙකා ඔහුට තරවටු කරමින්, එම දඬුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේට වත් බිය නැද් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

අනෙකා ඔහුට තරවටු කරමින්, එම දඬුවමට පැමිණ සිටින ඔබ දෙවියන් වහන්සේට වත් බිය නැද් ද?

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

අනික් අය ඔහුට තරවටුකරමින්: එම දඬුවමට පැමිණ සිටින නුඹ දෙවියන්වහන්සේටවත් භය නැද්ද?

පරිච්ඡේදය බලන්න



ලූක් 23:40
12 හුවමාරු යොමු  

“අවසන් පැයේදී වැඩට ගනු ලැබූ කම්කරුවෝ අවුත්, එකකු ඩිනාරිය බැගින් ලදහ.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “අහෝ, මද ඇදහිලි ඇත්තනි, මොකට ඔතරම් බය දැ?” යි අසා, ඉන්පසු නැගිට, සුළඟටත්, රුදු රළ රැළිවලටත් තරවටු කළ සේක. එවිට මහා නිසලතාවක් ඇති විය.


එනමුත් ඔබ බය විය යුත්තේ කවරකුටදැයි මා පෙන්වා දෙන්නම්; ඔබේ ශරීරය නසා දැමූ පසු ඔබ නිරයේ හෙළීමට බලය ඇති තැනැන්වහන්සේට බය වන්න. ඔව්, උන්වහන්සේට බය වන්න.


එල්ලා සිටි එක් අපරාධකරුවෙක් යේසුස්වහන්සේට නින්දා අපහාස කරමින්, “නුඹ ක්‍රිස්තුස් නො වේ ද? නුඹත් ගැලවී අපත් ගලවා ගනින්” යැයි කීවේ ය.


අප දඬුවම් ලබා ඇත්තේ යුක්ති සහගතවයි. අප විඳින්නේ අපම කළ දේවල පල විපාකයි. එනමුත් මේ මනුෂ්‍යයා කර ඇති වරදක් නැතැ” යි කීවේ ය.


අන්ධකාරයේ වඳ ක්‍රියා හා සම්බන්ධ නො වී, ඒවා එළිදරවු කරන්න.


කවුරු ඔබට බය නො වෙත් ද? ඔබේ නමට මහිමය නො දේ ද? අහෝ ස්වාමින්වහන්ස, මන්ද ඔබවහන්සේ පමණක් ශුද්ධ ය; සියලු ජාතීන් පැමිණ, ඔබට නමස්කාර කරනු ඇත; මන්ද ඔබගේ ධර්මිෂ්ඨ ක්‍රියා, එළිදරවු කරනු ලැබ ඇත.”


ඔවුහු තම වේදනා හා වණ නිසා ස්වර්ගයේ දෙවියන්වහන්සේට ශාප කළා මිස තම ක්‍රියා ගැන පසුතැවිලි නො වූහ.