ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක, “ස්වර්ගයට හා පොළොවට ස්වාමියාණන් වූ පියාණන්වහන්ස, ඔබවහන්සේ ප්‍රඥාවතුන්ගෙන් හා උගතුන්ගෙන් මේ දෑ සඟවා, ළා-බාලයින්හට එළිදරවු කළ බැවින් මම ඔබට ස්තුති කරමි.
ලූක් 23:34 - සිංහල කාලීන පරිවර්තනය එවිට යේසුස්වහන්සේ, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනවි. මන්ද තමන් කරන්නේ කුමක්දැයි ඔවුහු නො දනිති” යි පැවසූ සේක. උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගන්නට ඔවුහු දාදු දැමූහ. Sinhala New Revised Version ජේසුස් වහන්සේ කතා කොට, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේගේ වස්ත්‍ර බෙදාගැනීම පිණිස දාදු දැමූ හ. Sinhala New Revised Version 2018 ජේසුස් වහන්සේ කතා කොට, “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව; ඔවුන් කරන දෙය ඔව්හු නොදනිති”යි වදාළ සේක. ඔව්හු උන් වහන්සේගේ වස්ත්‍ර බෙදාගැනීම පිණිස දාදු දැමූ හ. Sinhala Revised Old Version යේසුස්වහන්සේ කථාකොට: පියාණෙනි, ඔවුන්ට කමාවුව මැනව; මක්නිසාද ඔවුන් කරන්නේ මොකද කියා ඔව්හු නොදනිතියි කීසේක. ඔව්හු උන්වහන්සේගේ වස්ත්‍ර දාදුදමා, තමුන් අතරේ බෙදාගත්තෝය. |
ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක, “ස්වර්ගයට හා පොළොවට ස්වාමියාණන් වූ පියාණන්වහන්ස, ඔබවහන්සේ ප්‍රඥාවතුන්ගෙන් හා උගතුන්ගෙන් මේ දෑ සඟවා, ළා-බාලයින්හට එළිදරවු කළ බැවින් මම ඔබට ස්තුති කරමි.
එහෙත් මා ඔබට කියන්නේ, ඔබේ සතුරන්ට ප්‍රේම කරන්න; ඔබට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න කියා ය.
කුරුසියේ උන්වහන්සේ ඇණ ගැසූ ඔවුහු, උන්වහන්සේගේ වස්ත්‍ර බෙදා ගනිමින්, තමාට ලැබෙන්නේ කුමක්දැයි දැනගැනීමට දාදු දැමූහ.
“පියාණෙනි, ඔබවහන්සේ කැමති සේක් නම්, මේ කුසලාන මාගෙන් ඉවත් කළ මැනව; එහෙත් මාගේ කැමැත්ත නො ව, ඔබගේ කැමැත්ත කරනු ලැබේවා!” යි පැවසූ සේක.
මම ඔවුන් උදෙසා යාච්ඤා කරමි. ලෝකයා උදෙසා යාච්ඤා නො කරමි. එනමුත් ඔබ මට දුන්නවුන් උදෙසා යාච්ඤා කරමි. මන්ද ඔවුන් ඔබවහන්සේගේ ය.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඉහළින් ඔබට අනුමැතිය දුන්නොත් මිස, මා කෙරේ ඔබට කිසි බලයක් නැත. එබැවින් ඔබ අතට මා පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතළ යැ” යි කී සේක.
ඉන්පසු දණින් වැටුණු ඔහු, “ස්වාමිනි, මේ පාපය මොවුන් පිට නො තැබුව මැනව” යි මහ හඬින් පැවසී ය. එසේ පැවසූ ඔහු සැතපුණේ ය.
මේ යුගයේ බලධාරීන්ගෙන් කිසිවකු එය වටහා ගත්තේ නැත. මන්ද, ඔවුන් එය වටහා ගත්තා නම්, ඔවුන් තේජසේ ස්වාමින්වහන්සේ කුරුසිපත් කරන්නේ නැත.
අපි වෙහෙස වී, අපේම දෑතින් වැඩ කරන්නෙමු. අපට ශාප කරන කල, අපි සෙත් පතන්නෙමු. හිංසා කරන කල, ඒවා විඳ දරා ගන්නෙමු.
ඉහතදී මා උන්වහන්සේට එරෙහි දේවාපහාසිකයකු, හිංසකයකු හා සැහැසි විරුද්ධවාදියකුව සිටියදී ය; එහෙත්, එකල මා ක්‍රියා කළේ නො දැනුවත්කමින් හා මිථ්‍යා දෘෂ්ටිකව බැවින් මම දයාව ලදිමි.
නපුරට නපුරවත්, නිග්‍රහයට නිග්‍රහයවත් නො කරන්න. එසේ නො කර, ඔබ කැඳවා ඇත්තේ ආශිර්වාදයක් උරුම කර ගන්නට බැවින් ආශිර්වාද කරන්න.