උන්වහන්සේ ගැන ලියවී ඇති පරිදි මනුෂ්‍ය පුත්‍රයා යනු ඇත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන මිනිසාට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නා නම් ඔහුට වඩා හොඳ යැ” යි කී සේක.
ලූක් 22:22 - සිංහල කාලීන පරිවර්තනය මන්ද තීන්දු කර තිබූ පරිදි මනුෂ්‍ය පුත්‍රයා තම ගමන යන්නේ ය. එහෙත් උන්වහන්සේ පාවා දෙන මිනිසාට වන විපතක මහත!” යැයි පැවසූ සේක. Sinhala New Revised Version මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ නියමිත ගමන යන සේක් ම ය. එහෙත්, ඔහු පාවා දෙන ඒ මනුෂ්‍යයාට වන විපතක මහතැ”යි උන් වහන්සේ වදාළ සේක. Sinhala New Revised Version 2018 මන්ද, මනුෂ්‍ය-පුත්‍රයාණෝ නියමිත ගමන යන සේක් ම ය. එහෙත්, ඔහු පාවා දෙන ඒ මනුෂ්‍යයාට වන විපතක මහතැ”යි උන් වහන්සේ වදාළ සේක. Sinhala Revised Old Version මක්නිසාද මනුෂ්‍ය පුත්‍රයා නියමකර තිබෙන හැටියට යන්නේමය. නුමුත් ඔහු පාවාදෙන ඒ මනුෂ්‍යයාට දුක්වේ යයි කීසේක. |
උන්වහන්සේ ගැන ලියවී ඇති පරිදි මනුෂ්‍ය පුත්‍රයා යනු ඇත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන මිනිසාට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නා නම් ඔහුට වඩා හොඳ යැ” යි කී සේක.
උන්වහන්සේ ගැන ලියවී ඇති පරිදි මනුෂ්‍ය පුත්‍රයා යනු ඇත. එහෙත් මනුෂ්‍ය පුත්‍රයා පාවා දෙන මිනිසාට වන විපතක මහත! ඒ මිනිසා නූපන්නා නම් ඔහුට වඩා හොඳ යැ” යි කී සේක.
ඔවුන් අමතමින්, “ලියා තිබෙන්නේ මෙලෙසයි: ‘ක්‍රිස්තුස්වහන්සේ වධ-විඳින්ටත්, තුන් වන දවසේ මළවුන්ගෙන් නැගිටින්නටත් යුතුව ඇත.
මා ඔවුන් සමඟ සිටියදී ඔබ මට දුන් නාමයෙන් මම ඔවුන් සුරැකීමි. මම ඔවුන් ආරක්ෂා කළෙමි. ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස, විනාශයේ පුත්‍රයා හැර, අන් කිසි කෙනකු නැති වුණේ නැත.
ජීවතුන්ගේ ද මළවුන්ගේ ද විනිසුරුවාණන් වශයෙන් දෙවියන්වහන්සේ විසින් පත් කරන ලද තැනැත්තාණෝ උන්වහන්සේම බවට ජනයාට ප්‍රකාශ කරන්නටත්, සාක්ෂි දරන්නටත් උන්වහන්සේ අපට අණ කළ සේක.
මන්ද තමන් විසින් තෝරා ගන්නා ලද මනුෂ්‍යයා ලවා උන්වහන්සේ ලෝකයා ධර්මිෂ්ඨව විනිශ්චය කරන දවසක් දෙවියන්වහන්සේම නියම කොට තිබේ. එම මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටුවීම තුළින් උන්වහන්සේ සකල ජනයාට ම මේ සම්බන්ධව සහතිකයක් දී තිබේ.”
දෙවියන්වහන්සේගේ නියත සැලැස්මක් හා උන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව බාර දෙනු ලැබූ මෙම යේසුස්වහන්සේ, නුඹලා නීතියක් නැති මිනිසුන්ගේ අත්වලින් කුරුසියේ ඇණ ගසා, මරා දැමූහ.
ඔවුන් තුළ වූ ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේගේ වධ විඳීම් හා ඉන්පසුව සිදුවන තේජස ගැන කලින් සාක්ෂි දුන් කල, පෙන්නුම් කළේ කවරකු ගැන ද, කවර කාලයක් ගැනදැයි විපරම් කරමිනි.
මෙම ගුරුන් මුදලට තණ්හාවෙන්, තමන්ම ගෙතූ කතා මඟින් තම වාසිය සඳහා ඔබ වෙළඳාමක් කර ගනු ඇත. ඔවුන්ගේ වරදට හිමි දණ්ඩනය ඈත අතීතයේ සිටම සූදානම්ව පවතී. ඔවුන්ගේ විනාශය නිදා ගන්නේ නැත.