මන්ද ඔබ කිව යුත්තේ කුමක්දැයි ඒ පැයේදී ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට කියා දෙනු ඇතැ” යි පැවසූ සේක.
ලූක් 21:15 - සිංහල කාලීන පරිවර්තනය මන්ද ඔබේ එදිරිවාදීන් කිසිවකුට බිඳ දැමිය නො හැකි වූත්, නිෂ්ප්‍රභා කළ නො හැකි වූත් කථිකත්වයක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි. Sinhala New Revised Version මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි. Sinhala New Revised Version 2018 මන්ද, ඔබගේ විරුද්ධවාදීන් කිසිවෙකුට නොබිඳිය හැකි වූ ද නිෂ්ප්‍රභා කළ නොහැකි වූ ද වාග් චතුරතාවක් හා ප්‍රඥාවක් මම ඔබට දෙන්නෙමි. Sinhala Revised Old Version මක්නිසාද නුඹලාගේ සියලු එදිරිකාරයින් විසින් විරුද්ධව සිටින්ටවත් බොරු කරන්ටවත් බැරිවූ මුඛයක්ද ප්‍රඥාවද මම නුඹලාට දෙන්නෙමි. |
මන්ද ඔබ කිව යුත්තේ කුමක්දැයි ඒ පැයේදී ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබට කියා දෙනු ඇතැ” යි පැවසූ සේක.
ඔබේම දෙමවුපියන්, සහෝදරයින්, නෑයින් හා මිතුරන් විසින්ම ඔබ පාවා දෙනු ලබනු ඇත. ඔබගෙන් ඇතැම් දෙනකු ඔවුන් අතින් මැරුම් කනු ඇත.
ඔවුහු සැවොම ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ කරනු ලදුව, ආත්මයාණන් පවසන්නට වර දුන් අයුරින් අන්‍ය භාෂාවලින් කතා කරන්නට වන්හ.
ධර්මිෂ්ඨකම ගැන ද ආත්ම දමනය ගැන ද මතු පැමිණෙන විනිශ්චය ගැන ද පාවුල් කරුණු කියද්දී බයට පත් පීලික්ස්, “දැනට ඔය ඇති! ඔබට යන්න පුළුවනි. ඉඩ ලැබුණු විටෙක මම යළිත් ඔබට අඬ ගසන්නම්” යි කීවේ ය.
එවිට අග්‍රිපා රජු පාවුල් අමතමින්, “වැඩි උත්සාහයක් නැතුවම ඔබ මා ක්‍රිස්තියානිකාරයකු කරන්නට සිතනවා වගේ යැ?” යි පැවසී ය.
එහෙත් ඔහු කතා කළ ප්‍රඥාවට හා ආත්මයාණන්ගේ බලයට එරෙහිව නැගී සිටීමට ඔවුහු අපොහොසත් වූහ.
මා මුව විවර කරන හැම විටෙක ශුභාරංචි අබිරහස අභීතව ප්‍රකාශ කරන්නට නිසි වචන පැවසීමට වර ලැබෙනු පිණිස, මා ගැනත් යාච්ඤා කරන්න.
ඔබගෙන් යමකු ප්‍රඥාවෙන් හීන නම්, ඔහු ඉල්ලා සිටිය යුත්තේ, වැරදි නො සොයා සියල්ලන්ට නො මසුරුව දෙන දෙවියන්වහන්සේගෙනි; ඔහුට එය ලැබෙනු ඇත.