“ගෙවනවා” යි කී ඔහු ගෙට පැමිණි විට, යේසුස්වහන්සේ පළමුව ඔහු අමතමින්, “සීමොන්, ඔබ සිතන්නේ කුමක් ද? මිහි පිට රජුන් බදු, වරිපණම් අයකරන්නේ තමන්ගේම පුතුන්ගෙන් ද? නැතිනම් අන්‍යයන්ගෙන් දැ?” යි ඇසූ සේක.
ලූක් 20:22 - සිංහල කාලීන පරිවර්තනය සීසර්ට බදු ගෙවීම අපට නිත්‍යානුකූල ද? නැද්දැ?” යි ඇසූහ. Sinhala New Revised Version අප සීසර් අධිරාජයාට අයබදු ගෙවීම යුතු ද, නැද්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. Sinhala New Revised Version 2018 අප සීසර් අධිරාජයාට අයබදු ගෙවීම යුතු ද, නැද්දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. Sinhala Revised Old Version කායිසර්ට ආදායම් දීම අපට යුතුද අයුතුදැයි උන්වහන්සේගෙන් ඇසුවෝය. |
“ගෙවනවා” යි කී ඔහු ගෙට පැමිණි විට, යේසුස්වහන්සේ පළමුව ඔහු අමතමින්, “සීමොන්, ඔබ සිතන්නේ කුමක් ද? මිහි පිට රජුන් බදු, වරිපණම් අයකරන්නේ තමන්ගේම පුතුන්ගෙන් ද? නැතිනම් අන්‍යයන්ගෙන් දැ?” යි ඇසූ සේක.
මෙසේ ඔවුහු උන්වහන්සේගෙන් ප්‍රශ්න කරමින්, “ගුරුතුමනි, ඔබතුමා ඇත්ත කතා කරන, උගන්වන කෙනකු බවත්, තරාතිරම් නො තකා, දෙවියන්වහන්සේගේ මාර්ගය සත්‍යයට එකඟව උගන්වන වගත් අප දන්නවා.
එහිදී ඔවුහු උන්වහන්සේට විරුද්ධව චෝදනා කරමින්, “මේ මිනිහා අපේ ජාතිය නොමග යවන බවත්, සීසර්ට බදු ගෙවීම අපට තහනම් කරන වගත්, තමා ක්‍රිස්තුස් නම් රජෙක්ය කියා ගන්නා බවත් අප දැන ගත්තා” යි කීහ.
ඉන්පසු සංගණන දවස්වල ගලීලයකු වූ යූදස් කලඑළි බැස පිරිසකට තමන් පසුපස ඒමට සැලැස්සුවා. ඔහුත් මරා දමනු ලැබ, ඔහුගේ සහචරයෝ ද විසිරවනු ලැබුවා.
ගෙවිය යුතු හැමට ගෙවන්න; වරිපණම් ගෙවිය යුත්තාට වරිපණම් ද බදු ගෙවිය යුත්තාට බදු ද ගෙවන්න. අවනත විය යුත්තාට අවනත වන්න. ගරු කළ යුතු අයට ගරු කරන්න.