යමෙක් මුළු ලොවම දිනාගත් නමුදු තම ජීවිතය නැති කරගනී නම්, ඉන් ඔහුට ඇති පලය කුමක් ද? නොහොත් තම ජීවිතය වෙනුවට කෙනකුට හුවමාරු කර ගත හැක්කේ කුමක් ද?
ලූක් 17:31 - සිංහල කාලීන පරිවර්තනය ඒ දවසේ ගෙයි පියස්සේ සිටින්නා, ගෙතුළ ඇති තම බඩු ගන්නට පහළ නො බසීවා. එසේම, කෙතේ සිටින්නා ද ආපසු නො ඒවා. Sinhala New Revised Version ඒ දවසේ දී පියස්ස මත සිටින්නා ගෙයි තිබෙන තම බඩු බාහිරාදිය ගෙනයනු පිණිස බිමට නොබසීවා. එසේ ම කෙතේ සිටින්නා පෙරළා නොඒවා. Sinhala New Revised Version 2018 ඒ දවසේ දී පියස්ස මත සිටින්නා ගෙයි තිබෙන තම බඩු බාහිරාදිය ගෙනයනු පිණිස බිමට නොබසීවා. එසේ ම කෙතේ සිටින්නා පෙරළා නොඒවා. Sinhala Revised Old Version ඒ දවසේ ගේ උඩ සිටින්නා ගෙයි තිබෙන තමාගේ බඩු ගෙනයන්ට නොබසීවා. එසේම කෙතේ සිටින්නා ආපසු නොඒවා. |
යමෙක් මුළු ලොවම දිනාගත් නමුදු තම ජීවිතය නැති කරගනී නම්, ඉන් ඔහුට ඇති පලය කුමක් ද? නොහොත් තම ජීවිතය වෙනුවට කෙනකුට හුවමාරු කර ගත හැක්කේ කුමක් ද?
“එබැවින් මා ඔබට කියන්නේ, කන්නේ මොනවා ද, බොන්නේ මොනවා ද කියා ඔබේ ජීවිතය ගැනවත්, අඳින්නේ මොනවා ද කියා ඔබේ ශරීරය ගැනවත්, කනස්සලු නො වන ලෙසයි. කෑමට වඩා ජීවිතය ද ඇඳුමට වඩා ශරීරය ද වටිනවා නො වේ ද?
එවිට යුදයේ සිටින්නෝ කඳුවලට පලා යත්වා! පුරවරය තුළ සිටින්නෝ ඉන් පිටතට යත්වා! ගම්බදව සිටින්නෝ නගරයට ඇතුළු නො වෙත්වා!