“ඔහු එවිට, ‘එසේ නො වෙයි, ආබ්‍රහම් පියාණෙනි, යමෙක් මළවුන් වෙතින් ඔවුන් වෙත ගියහොත්, ඔවුන් පසුතැවිලි වෙතැ’ යි පැවසුවා.
ලූක් 16:31 - සිංහල කාලීන පරිවර්තනය “ඔහු පිළිතුරු දෙමින්, ‘ඔවුන්, දිවැසිවරුන්ටත් සවන් දෙන්නේ නැතිනම්, යමෙක් මරණින් නැගිට ආවත්, ඔවුන්ට ඒත්තුගැන්විය නො හැකි ය’ කියා කීවා.” Sinhala New Revised Version ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘ඔව්හු මෝසෙස්ටත් දිවැසිවරයන්ටත් සවන් නොදෙත් නම්, මළවුන්ගෙන් උත්ථානයට පැමිණියෙකු වුව ද ඔව්හු විශ්වාස නොකරති’යි ඔහුට කී ය.” Sinhala New Revised Version 2018 ආබ්‍රහම් පිළිතුරු දෙමින්, ‘ඔව්හු මෝසෙස්ටත් දිවැසිවරයන්ටත් සවන් නොදෙත් නම්, මළවුන්ගෙන් උත්ථානයට පැමිණියෙකු වුව ද ඔව්හු විශ්වාස නොකරති’යි ඔහුට කී ය.” Sinhala Revised Old Version ආබ්‍රහම්ද: මෝසෙස්ගෙත් අනාගතවක්තෘවරුන්ගෙත් වචන ඔව්හු නොඅසත් නම්, යමෙක් මළවුන්ගෙන් නැගුටුණත් ඔවුන් විශ්වාසකරන්නේ නැත කියා ඔහුට කීවේයයි කීසේක. |
“ඔහු එවිට, ‘එසේ නො වෙයි, ආබ්‍රහම් පියාණෙනි, යමෙක් මළවුන් වෙතින් ඔවුන් වෙත ගියහොත්, ඔවුන් පසුතැවිලි වෙතැ’ යි පැවසුවා.
යේසුස්වහන්සේ තම ගෝලයින් අමතමින්, “පවට පොලඹවන පරීක්ෂා ඇතිවීම නියතයි. එහෙත් ඒ පෙලඹවීම් ඇති වන්නේ කවරකු මඟින් ද, ඔහුට දුක් වේ;
මෝසෙස්ගේ ලියවිලි විශ්වාස කරන්නේ නැති ඔබ, මගේ වචන විශ්වාස කරන්නේ කොහොම දැ?” යි කී සේක.
පාවුල් සිනගෝගයට ගොස්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීතව වාද කරමින් හා සිත් පොලඹවන අයුරින් තුන් මසක් කතා කළේ ය.
එවිට අග්‍රිපා රජු පාවුල් අමතමින්, “වැඩි උත්සාහයක් නැතුවම ඔබ මා ක්‍රිස්තියානිකාරයකු කරන්නට සිතනවා වගේ යැ?” යි පැවසී ය.
පාවුල් හමුවීමට දිනයක් නියම කර ගත් ඔවුහු, එදින ගණනින් අති මහත් පිරිසක් පාවුල්ගේ නවාතැනට රැස් වූහ. පාවුල් උදය පටන් සවස දක්වා දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කරුණු පැහැදිලි කරමින්, මෝසෙස්ගේ දහම් නීති සංග්‍රහය හා දිවැසිවරුන්ගේ ලියවිලි ගෙන හැර පාමින් යේසුස්වහන්සේ ගැන ඔවුන්ට ඒත්තු ගන්වන්නට උත්සාහ ගත්තේ ය.
එනිසා ස්වාමින්වහන්සේට භයවීම කුමක්දැයි දන්නා අපි, මිනිසුන්ට ඒත්තු ගැන්වීමට වැර දරන්නෙමු. අප කවුරුන්දැයි දෙවියන්වහන්සේ දන්නා සේක. අප කවුරුන්දැයි ඔබේ හෘදය සාක්ෂියත් එලෙසම දන්නේය යනු මගේ බලාපොරොත්තුවයි.