ලූක් 15:18 - සිංහල කාලීන පරිවර්තනය මා නැගිට, මගේ පියාණන් වෙත ගොස්, පියාණෙනි, ස්වර්ගයට විරුද්ධව හා ඔබ ඉදිරියේ මා පව් කර තියෙනවා. Sinhala New Revised Version මම නැඟිට මාගේ පියාණන් වෙත ගොස්, ‘පියාණෙනි, දෙවියන් වහන්සේට විරුද්ධ ව ද ඔබට විරුද්ධ ව ද පව් කෙළෙමි. Sinhala New Revised Version 2018 මම නැඟිට මාගේ පියාණන් වෙත ගොස්, ‘පියාණෙනි, දෙවියන් වහන්සේට විරුද්ධ ව ද ඔබට විරුද්ධ ව ද පව් කෙළෙමි. Sinhala Revised Old Version මම නැගිට මාගේ පියාණන් ළඟට ගොස්: පියාණෙනි, ස්වර්ගයට විරුද්ධවද ඔබ ඉදිරියෙහිද පව්කෙළෙමි. |
“එබැවින් මෙලෙස යාච්ඤා කරන්න: “ ‘ස්වර්ගයේ සිටින අපගේ පියාණන්වහන්ස, ඔබගේ නාමය පාරිශුද්ධව සැලකේවා,
මෙසේ නපුරු වූ ඔබ, ඔබගේ දරුවන්ට හොඳ ත්‍යාග දෙන්නේ කෙසේදැයි දනී නම්, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේ තමන්ගෙන් ඉල්ලන්නන්ට ඊට වඩා කොපමණ හොඳ ත්‍යාග දෙන සේක් ද!
උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “ඔබ යාච්ඤා කරන විට මෙසේ පවසන්න: “ ‘පියාණන්වහන්ස, ඔබගේ නාමය පාරිශුද්ධව සැලකේවා, ඔබගේ රාජ්‍යය පැමිණේවා,
“ඔහු හරි සිහි කල්පනාවට පැමිණ, ‘මගේ පියාගේ කුලී වැඩකරුවන් එපමණ දෙනකුට ඕනෑවටත් වඩා ආහාර තියෙද්දී, මා මෙහෙ හාමතේ නැහෙනවා.
තවදුරටත් ඔබගේ පුත්‍රයා ය කියන්නට තරම් මා වටින්නේ නෑ; ඔබගේ කුලී වැඩකාරයකු ලෙස මා ගණන් ගන්නැයි ඔහුට කියනවායි කියා ගත්තා.’
“එවිට පුත්‍රයා කතා කරමින්, ‘පියාණෙනි, මා ස්වර්ගයට විරුද්ධව හා ඔබ ඉදිරියේ පව් කළා. තවදුරටත් ඔබේ පුත්‍රයා යැයි කියන්න මා වටින්නේ නෑ’ යි කීවා.
“එහෙත් බදු අය කරන්නා ඈතින් සිටගෙන, ස්වර්ගය දෙස ඇස් ඔසවන්නටවත් නො සිතා, තම ළයට ගසා ගනිමින්, ‘දෙවියන්වහන්ස, පව්කාරයකු වූ මට අනුකම්පා කළ මැනව’ යි කීවා.