ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ලූක් 15:15 - සිංහල කාලීන පරිවර්තනය

එබැවින් ඔහු එරට පුරවැසියකු ළඟ සේවකයකු ලෙස බැඳුණා. ඔහුගේ ගොවිපළේ ඌරන්ට කවන්නට ඔහු යවනු ලැබුවා.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට ඔහු ගොස් ඒ රටේ පුරවැසියෙකුට අතවැසි වී ය; ඒ පුරවැසියා ඌරන් බලන පිණිස තමාගේ ගොවිපළට ඔහු යැවී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට ඔහු ගොස් ඒ රටේ පුරවැසියෙකුට අතවැසි වී ය; ඒ පුරවැසියා ඌරන් බලන පිණිස තමාගේ ගොවිපළට ඔහු යැවී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

එවිට ඔහු ගොස් ඒ රටේ වැසියෙකුට බැඳුණේය; හෙතෙම ඌරන්ට ගොදුරු කවන පිණිස තමාගේ කෙත්වලට ඔහු යැවීය.

පරිච්ඡේදය බලන්න



ලූක් 15:15
27 හුවමාරු යොමු  

“ශුද්ධ දේ බල්ලන්ට නො දෙන්න; ඔබගේ මුතු, ඌරන් ඉදිරියට නො දමන්න. එසේ කළහොත්, උන් ඒවා පයින් පාගා, හැරී, කෑලිවලට ඔබ ඉරා දමනු ඇත.


“නොබෝ දිනකින් බාල පුත්‍රයා, තමන් සතු සියල්ල එකතු කරගෙන, ඈත එපිට රටකට ගොස්, දුසිරිතෙහි ගැලෙමින්, තම ධනය නැති නාස්ති කර ගත්තා.


ඔහු තමන් සන්තක සියල්ල වියදම් කළ පසු, ඒ රට මුළුල්ලේ දැඩි සාගතයක් ඇති වුණා. ඔහුට ද අග හිඟ දැනෙන්නට වුණා.


ඌරන් කන කරල්වලින් තම කුස පුරවාගන්නට ඔහු කැමති වුණා; කිසිවකු ඔහුට කිසිවක්ම දුන්නේ නෑ.


එහෙත් දැන් පාපයෙන් නිදහස් කරනු ලැබ, දෙවියන්වහන්සේගේ වහලුන් බවට ඔබ පත්ව ඇත. ඔබට ඉන් ලැබෙන පලය ශුද්ධවත් භාවයයි. එහි කෙළවර සදාතන ජීවනයයි.


කලක් අපත් අනුවණව හා අකීකරුව, මුළා වී, සියලු ආකාර ආශා හා තෘෂ්ණාවනට වහල්ව ඊර්ෂ්‍යාවෙන් යුතුව අපගේ දවස් ගත කළෙමු.