“ඔබේ හදවතින් ඔබේ සහෝදරයාට ඔබ කමා නො කරන්නේ නම්, ඔබ හැම කෙනකුට මාගේ පියාණන්වහන්සේත් එසේම කරන සේකැ” යි පැවසූ සේක.
ලූක් 11:4 - සිංහල කාලීන පරිවර්තනය අපට වරද කරන හැම කෙනකුට අප කමා වන බැවින්, අපගේ පාප, අපට කමා කළ මැනව; පරීක්ෂාවනට අප නො පැමුණුව මැනව.’ ” Sinhala New Revised Version අපේ පව් අපට කමා කළ මැනව; මන්ද, අපට ණයගැති ව සිටින හැමට අප කමා වන බැවිනි. අප පරීක්ෂාවට නොපමුණුවනු මැනව.’ “ Sinhala New Revised Version 2018 අපේ පව් අපට කමා කළ මැනව; මන්ද, අපට ණයගැති ව සිටින හැමට අප කමා වන බැවිනි. අප පරීක්ෂාවට නොපමුණුවනු මැනව.’ ” Sinhala Revised Old Version අපේ පව් අපට කමාකළ මැනව; මක්නිසාද අපට ණයව සිටින සියල්ලන්ට අපිත් කමාවෙමුව. අප පරීක්ෂාවට නොපැමිණෙවුව මැනවයි කියන්නැයි කීසේක. |
“ඔබේ හදවතින් ඔබේ සහෝදරයාට ඔබ කමා නො කරන්නේ නම්, ඔබ හැම කෙනකුට මාගේ පියාණන්වහන්සේත් එසේම කරන සේකැ” යි පැවසූ සේක.
පරීක්ෂාවට නො වැටෙන පිණිස, අවදිව සිටිමින් යාච්ඤා කරන්න. ආත්මය කැමතියි. එහෙත් මාංසය දුර්වල යැ” යි කී සේක.
උන්වහන්සේ ඔවුන්ට කතා කරමින්, “මිතුරකු සිටින ඔබගෙන් කෙනෙක්, මැදියම් රැයේ ඔහු වෙත ගොස්, ‘මිතුර, මට රොටි තුනක් දෙන්න.
සිලෝවම්හි කොටුව කඩා වැටීමෙන්, යටවී මළ දහඅට දෙනා යෙරුසලමේ වෙසෙන හැමට වඩා වරදකරුවන්යැයි ඔබ සිතනවා ද?
ඔවුන් ඇමතූ උන්වහන්සේ, “ඔබ නිදා සිටින්නේ ඇයි? පරීක්ෂාවට නො වැටෙන පිණිස, නැගිට, යාච්ඤා කරන්නැ” යි පැවසූ සේක.
ගල්බිම පිට වූ ඒවා වන්නේ, වචනය ඇසූ කල ප්‍රීතියෙන් එය පිළිගන්නා නමුත් මුල් නැති බැවින්, මද කලකට පමණක් විශ්වාස කර, පරීක්ෂා පැමිණි කල වැටී යන අයයි.
ලෝකයෙන් ඔවුන් ඉවත් කර ගන්නැයි මා ඔබෙන් ඉල්ලන්නේ නැත. එහෙත් නපුරාගෙන් ඔවුන් ආරක්ෂා කරන ලෙස ඉල්ලමි.
මිනිසාට පොදු පරීක්ෂා නො වන පරීක්ෂාවක්, ඔබ අල්ලා ගත්තේ නැත. දෙවියන්වහන්සේ විශ්වාසනීය ය; දරන්න බැරි තරමට වඩා, ඔබ පරීක්ෂා කරනු ලබන්නට උන්වහන්සේ ඉඩ නො දෙන සේක. තවද පරීක්ෂාව සමඟ එය දරා ගැනීමට ඔබට හැකි වන පිණිස, ඉන් මිදී යෑමේ මාර්ගය ද උන්වහන්සේ සලසා දෙන සේක.
එකිනෙකා ගැන ඉවසීමෙන් කටයුතු කරන්න; යම් කෙනකුට එරෙහිව තවත් කෙනකුට යම් පැමිණිල්ලක් ඇතත්, එකිනෙකාට සමාව දෙමින්, ස්වාමින්වහන්සේ ඔබට කමා කළ අයුරින් ඔබත් කමා වන්න.
එහෙත් ස්වාමින්වහන්සේ විශ්වාසවන්තව සිටින සේක. උන්වහන්සේ ඔබ ශක්තිමත් කර, නපුරාගෙන් ඔබ ආරක්ෂා කරන සේක.
හැම නපුරු ක්‍රියාවකින් ස්වාමින්වහන්සේ මා මුදා ගන්නා සේක්, ස්වකීය ස්වර්ග රාජ්‍යයට සුරක්ෂිතව මා ගෙන යන සේක. උන්වහන්සේට සදහට ම, සදාතනිකව තේජෝ මහිම වේවා! ආමෙන්.
මන්ද දයාව නො පෑ තැනැත්තාට විනිශ්චය පැමිණෙන්නේ ද දයා විරහිතව ය. දයාව විනිශ්චය අභිබවා ජය ගනී.
ඔබ විඳින්නට යන දෑ ගැන බය නො වන්න. ඔන්න! පරීක්ෂා කරනු සඳහා සාතන් ඔබෙන් ඇතැම් දෙනකු සිරගෙයි දමන්නට යයි; දහ දවසක් ඔබ පීඩා විඳිනු ඇත. මරණය දක්වාත් විශ්වාසවන්තව සිටින්න. එවිට ජීවනයේ ඔටුන්න මම ඔබට දෙන්නෙමි.
ඉවසීමෙන් දරා සිටින්නට මා දුන් වචනය ඔබ රක්ෂා කළ බැවින්, මිහි පිට වෙසෙන්නවුන් පරීක්ෂා කිරීමට මුළු ලෝකය පිටට එන්නට තිබෙන පරීක්ෂාවේ පැයෙන්, මමත් ඔබ රක්ෂා කරන්නෙමි.