මන්ද, “ ‘නිබඳව ඔවුන් දකින නමුදු කිසි විටෙක වටහා නො ගන්න පිණිස ය; නිබඳව අසන නමුදු කිසි විටෙක තේරුම් නො ගන්න පිණිස ය; නැතහොත් ඔවුන් හැරී කමාව ලබනු ඇතැ’ යි” පැවසූ සේක.
ලූක් 11:34 - සිංහල කාලීන පරිවර්තනය ඔබේ සිරුරේ පහන ඇස ය. ඔබගේ ඇස නිරෝගී නම්, මුළු සිරුරත් ආලෝකයෙන් පිරෙයි. එහෙත් එය නරක් වූ කල, ඔබේ සිරුරත් අඳුරින් පිරෙයි. Sinhala New Revised Version ඔබේ සිරුරට පහන ඔබේ ඇස ය; ඇස් පෙනුම හොඳ නම් ඔබේ මුළු සිරුර ආලෝකවත් ය; ඇස් පෙනුම අඳුරු නම්, ඔබේ සිරුර අඳුරු වේ. Sinhala New Revised Version 2018 ඔබේ සිරුරට පහන ඔබේ ඇස ය; ඇස් පෙනුම හොඳ නම් ඔබේ මුළු සිරුර ආලෝකවත් ය; ඇස් පෙනුම අඳුරු නම්, ඔබේ සිරුර අඳුරු වේ. Sinhala Revised Old Version ශරීරයේ පහන නම් නුඹේ ඇසය. නුඹේ ඇස පැහැදිලිව තිබෙන විට නුඹේ මුළු ශරීරයත් එළියවන්නේය; නුමුත් එය නරකව තිබෙන විට නුඹේ ශරීරයත් අඳුරුවන්නේය. |
මන්ද, “ ‘නිබඳව ඔවුන් දකින නමුදු කිසි විටෙක වටහා නො ගන්න පිණිස ය; නිබඳව අසන නමුදු කිසි විටෙක තේරුම් නො ගන්න පිණිස ය; නැතහොත් ඔවුන් හැරී කමාව ලබනු ඇතැ’ යි” පැවසූ සේක.
තණ්හාව, දුෂ්ටකම, වංචාව, අනුරාගය, ඊර්ෂ්‍යාව, නින්දා අපහාස, උඩඟුකම හා මෝඩකම යන දෑ පැමිණෙන්නේ ඇතුළාන්තයෙනි; මිනිසාගේ හදවතෙනි.
මෙන්න, දැන් ස්වාමින්වහන්සේගේ හස්තය නුඹට එරෙහිව, නුඹ අන්ධ වනු ඇත; කලකට හිරු එළිය දකින්නට නුඹට නො හැකි වනු ඇතැ” යි කීවේ ය. එකෙණෙහිම ඇස් පටලයකින් ද අන්ධකාරයකින් ද ඔහුගේ ඇස් වැසිණි. එවිට ඔහු තමාට කනවැල අල්ලන්නට කෙනකු සොයමින් එතැන මෙතැන ගියේ ය.
ඔවුහු දිනපතා එක්සිත්ව දේව මාලිගයේ එක්රැස් වෙමින් ද තම නිවෙස්හි දී රොටි කඩමින් ද ප්‍රමෝදයෙන් හා අවංක සිතින් එක්ව අහර ගත්තේ,
අන්ධකාරයෙන් ආලෝකයටත්, සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතත් ඔවුන් හරවන්නට ඔවුන්ගේ ඇස් පාදන පිණිසයි. එමඟින් ඔවුන් පාප කමාව ද මා අදහා ගැනීම තුළින් පවිත්‍ර කරනු ලැබූවන් අතරේ ස්ථානයක් ද ලබන පිණිස යැ’ යි පැවසූ සේක.
අපගේ පාරට්ටුව මෙයයි: ලෝකයේදීත්, විශේෂයෙන්ම ඔබ සම්බන්ධවත් අපගේ හැසිරීම, භූමික ප්‍රඥාවෙන් නො ව, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් ලද ශුද්ධකමින් හා දේව භක්තික අවංකත්වයෙන් බවට අපගේ හෘදය සාක්ෂියේ ඇති සහතිකයයි.
එහෙත් සර්පයා තම කපටිකමින් ඒව රැවටූ සේ, ක්‍රිස්තුස්වහන්සේ කෙරේ ඇති ඔබේ අවංක, පිරිසිදු කැපවීම වෙතින් ඔබේ සිත් මුළා කරනු ලැබේදෝයි බය වෙමි.
එහිදී මේ ලෝකයේ දෙවියා නො ඇදහිලිවතුන්ගේ මනස් අන්ධ කරනු ලැබ ඇත්තේ, දෙවියන්වහන්සේගේ ස්වරූපය වන ක්‍රිස්තුස්වහන්සේගේ තේජසේ ශුභාරංචියේ ආලෝකය ඔවුනට නො පෙනෙන පිණිස ය.
යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ දෙවියන්වහන්සේ වූ තේජසේ පියාණන්වහන්සේ වඩා හොඳින් දැනගන්නා පිණිස, ප්‍රඥාවේ හා එළිදරවුවේ ආත්මයක් ඔබට ලබා දෙන ලෙසට ය.
දාසයිනි, ක්‍රිස්තුස්වහන්සේට ඔබ කීකරු වන්නා සේ, ගරුත්වයෙන්, බයින් හා අවංක හදින් මෙලොව ඔබේ හාම්පුතුනට කීකරු වන්න.
දාසයිනි, සියල්ලේදී ඔබේ භූමික හාම්පුතුනට කීකරු වන්න. ඔවුන් ඔබ දෙස ඇස ගසා සිටියදී පමණක් ඔවුන්ගේ සිත් දිනාගනු පිණිස නො ව, අවංක හදවතින් ද ස්වාමින්වහන්සේට ගෞරව භය දැක්වීමක් වශයෙන් ද එසේ කරන්න.