ලූක් 10:6 - සිංහල කාලීන පරිවර්තනය සාමයේ පුතකු ඒ නිවසේ සිටී නම්, ඔබගේ සාමය ඔහු පිට රඳනු ඇත. එසේ නො වේ නම්, එය ආපසු ඔබ වෙත එනු ඇත. Sinhala New Revised Version සාමය ලබන්නට සුදුසු කෙනෙක් එහි සිටිත් නම් ඔබගේ සාම පැතුම ඔහු පිට රැඳෙනු ඇත. නැතහොත් එය ඔබ වෙත පෙරළා එනු ඇත. Sinhala New Revised Version 2018 සාමය ලබන්නට සුදුසු කෙනෙක් එහි සිටිත් නම් ඔබගේ සාම පැතුම ඔහු පිට රැඳෙනු ඇත. නැතහොත් එය ඔබ වෙත පෙරළා එනු ඇත. Sinhala Revised Old Version සමාදානයේ පුත්‍රයෙක් එහි සිටී නම් නුඹලාගේ සමාදානය ඔහු කෙරෙහි රඳන්නේය. නැතහොත් එය නුඹලා කරා පැමිණෙන්නේය. |
කෑමට, බීමට ඔවුන් දෙන දෙයක් ගෙන, එහිම නවාතැන් ගන්න. මන්ද සේවකයා ඔහුගේ ගාස්තුව ලබන්නට සුදුසු ය; ගෙන් ගෙට මාරු නො වන්න.
පුහු තර්කවලින් ඔබ රවටන්නට කිසිවකුටත් ඉඩ නො දෙන්න. මන්ද ඒවා හේතු කොට අකීකරුවන්නන් පිට දෙවියන්වහන්සේගේ උදහස පැමිණේ.
සාමයේ ස්වාමින්වහන්සේම හැම කල, හැම අයුරු ඔබට සාමය සලසන සේක්වා! ස්වාමින්වහන්සේ ඔබ සියල්ලන් සමඟ වන සේක්වා!