යොහන් 9:36 - සිංහල කාලීන පරිවර්තනය “මා එතුමාණන් තුළ විශ්වාස කරන්නට එතුමාණන් කවුරු ද මහත්මයා?” යි එවිට ඔහු ඇසුවේ ය. Sinhala New Revised Version “ස්වාමීනි, ඒ කවරෙක් ද? එතුමා අදහාගන්න පිණිස මට කියන්නැ”යි ඔහු යැදී ය. Sinhala New Revised Version 2018 “ස්වාමීනි, ඒ කවරෙක් ද? එතුමා අදහාගන්න පිණිස මට කියන්නැ”යි ඔහු යැදී ය. Sinhala Revised Old Version ඔහු උත්තරදෙමින්: ස්වාමිනි, උන්වහන්සේ කෙරෙහි මා අදහන පිණිස උන්වහන්සේ කවුදැයි ඇසීය. |
යේසුස්වහන්සේ හැරී, ඔවුන් තමන් පසුපස එනු දැක, “මොනවද ඔබ සොයන්නේ?” යි ඇසූ සේක. “රබ්බී, ඔබ සිටින්නේ කොහේ දැ?” යි ඔවුහු ඇසූහ. (රබ්බී යන්නෙහි අර්ථය ගුරුතුමනි යනුයි.)
එවිට යේසුස්වහන්සේ, “ඔබ එතුමාණන් දැක තියෙනවා. දැන් ඔබ හා කතා කරන්නේත් එතුමාණන් යැ” යි කී සේක.
එසේ නම්, තමන් විශ්වාසය නො තැබූ කෙනකුට ඔවුන් යදින්නේ කොහොම ද? එසේම, තමන් නො ඇසූ කෙනකු තුළ ඔවුන් විශ්වාසය තබන්නේ කොහොම ද? යමෙක් දේශනා නො කළොත් ඔවුන් අහන්නේ කොහොම ද?