ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 9:32 - සිංහල කාලීන පරිවර්තනය

අන්ධව උපන් මිනිසකුගේ ඇස් විවර කිරීමක් ගැන ලෝකය පටන්ගැන්මේ සිට කිසි දා නෑසූ දෙයක්.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

යම් කිසිවෙකු අන්ධ ව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකයේ පටන්ගැන්මේ සිට කවදාවත් ඇසූ දෙයක් නොවේ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

යම් කිසිවෙකු අන්ධ ව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකයේ පටන්ගැන්මේ සිට කවදාවත් ඇසූ දෙයක් නොවේ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

කිසිවෙක් අන්ධව උපන් කෙනෙකුගේ ඇස් පෑදූ බව ලෝකයේ පටන්ගැන්මේ සිට කවදාවත් නෑසූ දෙයක්ය.

පරිච්ඡේදය බලන්න



යොහන් 9:32
7 හුවමාරු යොමු  

ඉහතදී තම ශුද්ධ දිවැසිවරුන්ගේ මුඛයෙන් උන්වහන්සේ පවසා තිබූ පරිද්දෙන්,


සෙසු අය, “මේවා යක්ෂාවේශ කෙනකු කියන වචන නො වේ; අන්ධයින්ගේ ඇස් අරවන්නට යක්ෂාත්මයකට පුළුවන් දැ?” යි කීහ.


දෙවියන්වහන්සේ පව්කරුවන්ට කන් දෙන්නේ නැති වග අප දන්නවා. එහෙත් දෙවියන්වහන්සේට නමස්කාර කරන කෙනෙක් උන්වහන්සේගේ කැමැත්ත කරනවා ද, දෙවියන්වහන්සේ ඔහුට සවන් දෙන වග අප දන්නවා.


මෙතුමා දෙවියන්වහන්සේගෙන් නො වේ නම්, ඔහුට කළ හැකි දෙයක් නැතැ” යි කීවේ ය.


එවිට විදුලි අකුණු ද ශබ්ද රාව ද මේඝ ගර්ජනා ද දරුණු පොළෝ කම්පාවක් ද විය. මිනිසා පොළොවෙහි වූ දා පටන් කවර කලෙකවත් එවන් පොළෝ කම්පාවක් සිදුව නැත. ඒ සා සැහැසි විණි ඒ පොළෝ කම්පාව.