එබැවින් අන්ධ මිනිසා යළි ඇමතූ ඔවුහු, “ඔහු ගැන නුඹට කියන්න ඇත්තේ මොනවා ද? මන්ද ඔහු විවර කළේ නුඹේ ඇස්” යයි කීහ. ඔහු පිළිතුරු දෙමින් “එතුමා දිවැසිවරයෙකැ” යි කීවේ ය.
යොහන් 9:15 - සිංහල කාලීන පරිවර්තනය එබැවින් පරිසිවරු ඔහුට පෙනීම ලැබුණේ කෙසේදැයි නැවතත් ඔහුගෙන් ඇසූහ. ඔහු පිළිතුරු දෙමින්, “ඔහු මගේ ඇස්වල මඩ තැවරුවා, මා සෝදා ගත්තා. දැන් මට පෙනෙනවා” යි කීවේ ය. Sinhala New Revised Version එබැවින් ඔහුට පෙනීම ලැබුණේ කොහොම දැ යි නැවතත් පරිසිවරු ඔහුගෙන් ඇසූ හ. ඔහු පිළිතුරු දෙමින්, “උන් වහන්සේ මාගේ ඇස්වල මඬ ගැල්වූ සේක: මම සෝදාගතිමි; එවිට පෙනීම ලදිමි”යි කී ය. Sinhala New Revised Version 2018 එබැවින් ඔහුට පෙනීම ලැබුණේ කොහොම දැ යි නැවතත් පරිසිවරු ඔහුගෙන් ඇසූ හ. ඔහු පිළිතුරු දෙමින්, “උන් වහන්සේ මාගේ ඇස්වල මඬ ගැල්වූ සේක: මම සෝදාගතිමි; එවිට පෙනීම ලදිමි”යි කී ය. Sinhala Revised Old Version එබැවින් ඵරිසිවරු ඔහුට පෙනීම ලැබුණේ කොහොමදැයි ඔහුගෙන් නැවත ඇසුවෝය. ඔහුද: උන්වහන්සේ මාගේ ඇස්වල මඩ ගෑසේක, මම සෝදාගෙන පෙනීම ලැබ සිටිමියි ඔවුන්ට කීවේය. |
එබැවින් අන්ධ මිනිසා යළි ඇමතූ ඔවුහු, “ඔහු ගැන නුඹට කියන්න ඇත්තේ මොනවා ද? මන්ද ඔහු විවර කළේ නුඹේ ඇස්” යයි කීහ. ඔහු පිළිතුරු දෙමින් “එතුමා දිවැසිවරයෙකැ” යි කීවේ ය.