උන්වහන්සේ පිළිතුරු දෙමින්, “නගරයට ඇතුල්ව, අසවලා වෙත ගොස්, ‘මගේ වේලාව ළඟයි; මාගේ ගෝලයින් සමඟ මා පාස්කුව පවත්වන්නේ ඔබේ නිවසේදී ය’ කියා ගුරුතුමා කියනවායි ඔහුට කියන්නැ” යි පැවසූ සේක.
යොහන් 7:8 - සිංහල කාලීන පරිවර්තනය ඔබ මංගල්‍යයට යන්න. මා දැන්ම මේ මංගල්‍යයට යන්නේ නෑ; තවමත් මගේ හරි වෙලාව පැමිණ නැතැ” යි කී සේක. Sinhala New Revised Version ඔබ කැමැති නම් මංගල්‍යයට යන්න. මාගේ නියමිත මොහොත තව ම පැමිණ නැති බැවින් මම නම් නොයමි”යි වදාළ සේක. Sinhala New Revised Version 2018 ඔබ කැමැති නම් මංගල්‍යයට යන්න. මාගේ නියමිත මොහොත තව ම පැමිණ නැති බැවින් මම නම් නොයමි”යි වදාළ සේක. Sinhala Revised Old Version නුඹලා මංගල්‍යයට යන්න. මාගේ කාලය තවම සම්පූර්ණ නුවූ හෙයින් මේ මංගල්‍යයට දැන්ම නොයමියි කීසේක. |
උන්වහන්සේ පිළිතුරු දෙමින්, “නගරයට ඇතුල්ව, අසවලා වෙත ගොස්, ‘මගේ වේලාව ළඟයි; මාගේ ගෝලයින් සමඟ මා පාස්කුව පවත්වන්නේ ඔබේ නිවසේදී ය’ කියා ගුරුතුමා කියනවායි ඔහුට කියන්නැ” යි පැවසූ සේක.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්ත්‍රිය, ඔබ මේකට මාව ගාවගන්නේ මොකට ද? මගේ පැය තවම පැමිණ නැතැ” යි කී සේක.
එවිට ඔවුහු උන්වහන්සේ අල්ලා ගැනීමට තැත් දැරූ නමුදු, කිසිවකුත් උන්වහන්සේට අත තැබුවේ නැත. මන්ද උන්වහන්සේගේ පැය තවම පැමිණ තිබුණේ නැත.
යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “මගේ වෙලාව තවම පැමිණ නැත. එහෙත් ඔබට කවර වේලාවත් සුදුසුයි.
යේසුස්වහන්සේ මෙසේ පැවසුවේ දේව මාලිගයේ පඬුරු ගබඩාව තුළ උගන්වමින් සිටියදී ය. එහෙත් කිසිවකුත් උන්වහන්සේ අත්අඩංගුවට ගත්තේ නැත. මන්ද උන්වහන්සේගේ පැය තවමත් පැමිණ තිබුණේ නැත.