සමූහයා කතා කරමින්, “දහම් නීතියෙන් අප අසා ඇත්තේ, ක්‍රිස්තුස්වහන්සේ සදාතනිකව පැවත සිටින බවයි. එසේ නම්, ‘මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතු යැ’ යි ඔබ කියන්නේ කෙසේ ද? කවුරු ද මේ මනුෂ්‍ය පුත්‍රයා?” යි ඇසූහ.
යොහන් 7:36 - සිංහල කාලීන පරිවර්තනය ‘ඔබ මා සොයනු ඇත. එනමුත් ඔබට මා හමුවන්නේ නැත’ කියා හා ‘මා සිටින තැනට එන්නට ඔබට නුපුළුවන’ කියා කීමෙන් ඔහු අදහස් කරන්නේ කුමක් දැ?” යි ඇසූහ. Sinhala New Revised Version ‘ඔබ මා සොයන්නහු ය, එහෙත් ඔබට මා සම්බ වන්නේ නැත; ඔබට මා සිටින තැනට පැමිණිය නොහැකි ය’යි ඔහු කී කියමනේ තේරුම කුමක් දැ”යි ඇසූ හ. Sinhala New Revised Version 2018 ‘ඔබ මා සොයන්නහු ය, එහෙත් ඔබට මා සම්බ වන්නේ නැත; ඔබට මා සිටින තැනට පැමිණිය නොහැකි ය’යි ඔහු කී කියමනේ තේරුම කුමක් දැ”යි ඇසූ හ. Sinhala Revised Old Version නුඹලා මා සොයනවා ඇත, නුමුත් නුඹලාට මා සම්බවෙන්නේ නැත; මා සිටින තැනට එන්ට නුඹලාට නුපුළුවන කියා ඔහු කී වචනය කිමෙක්දැයි කීවෝය. |
සමූහයා කතා කරමින්, “දහම් නීතියෙන් අප අසා ඇත්තේ, ක්‍රිස්තුස්වහන්සේ සදාතනිකව පැවත සිටින බවයි. එසේ නම්, ‘මනුෂ්‍ය පුත්‍රයා ඔසවනු ලැබිය යුතු යැ’ යි ඔබ කියන්නේ කෙසේ ද? කවුරු ද මේ මනුෂ්‍ය පුත්‍රයා?” යි ඇසූහ.
“මගේ දරුවනි, තව ටික වේලාවක් මම ඔබ සමඟ සිටින්නෙමි. ඉන්පසු ඔබ මා සොයන නමුත්, මා යුදෙව්වන්ට කී ලෙස, දැන් ඔබටත් කියන්නේ, මා යන තැනට එන්නට ඔබට නුපුළුවන් බවයි.
“මිනිසකු මහලු වූ පසු, යළි උපදින්නට පුළුවන් කොහොම ද? නැවත වරක් මවු කුසට ඇතුළුව උපදින්නට ඔහුට පුළුවන් දැ” යි නිකදේමුස් උන්වහන්සේගෙන් ඇසී ය.
මෙවිට, “ස්වර්ගයෙන් බැස ආ රොටි මම යැ” යි උන්වහන්සේ කී බැවින්, යුදෙව්වෝ උන්වහන්සේ ගැන මැසිවිලි නගමින්,
එවිට ඔවුනොවුන් අතරේ තර්ක කරන්නට පටන් ගත් යුදෙව්වෝ, “කොහොම ද මේ මිනිහා අපට ඔහුගේ මාංස කන්නට දෙන්නේ?” යි පවසන්නට වූහ.
ඒ ඇසූ උන්වහන්සේගේ ගෝලයන්ගෙන් බොහෝ දෙනෙක්, “මේක මහ තද කියමනක්. ඕවා අහන්න පුළුවන් කවුරුන්ට දැ?” යි කීහ.
ඔබ මා සොයනු ඇත. එහෙත් ඔබට මා හමුවන්නේ නැත. මා සිටින තැනට එන්නට ඔබට නුපුළුවනැ” යි පැවසූ සේක.
උන්වහන්සේ ඔවුන් අමතමින්, “මම ඉවත්ව යන්නෙමි. ඔබ මා සොයනු ඇත. ඔබ ඔබේම පාප තුළ මැරී යනු ඇත. මා යන තැනට එන්නට ඔබට නුපුළුවනැ” යි කී සේක.
ජම්මික මනුෂ්‍යයා දෙවියන්වහන්සේගේ ආත්මයාණන් වෙතින් එන දෑ පිළිගන්නේ නැත. ඒවා ඔහුට අඥානකම් ය. මන්ද ඒවා ආත්මිකව විමසා බැලිය යුතු වන බැවින්, ඒ දෑ ඔහුට වටහා ගත නො හැක.