යොහන් 7:17 - සිංහල කාලීන පරිවර්තනය මේ ඉගැන්වීම් දෙවියන්වහන්සේගෙන් පැමිණි ඒවා ද, නැතිනම් මා මගේම අධිකාරිත්වයෙන් කතා කරනවා ද යන්න දෙවියන්වහන්සේගේ කැමැත්ත කරන්නට කැමති කෙනකු දැනගනු ඇත. Sinhala New Revised Version යමෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට කැමැති වන්නේ නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන් වහන්සේගෙන් වූවක් ද නැතහොත් මාගෙන් ම වූවක් දැ යි දැනගන්නේ ය. Sinhala New Revised Version 2018 යමෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට කැමැති වන්නේ නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන් වහන්සේගෙන් වූවක් ද නැතහොත් මාගෙන් ම වූවක් දැ යි දැනගන්නේ ය. Sinhala Revised Old Version යමෙක් උන්වහන්සේගේ කැමැත්ත කරන්ට කැමති නම්, ඔහු ඒ ඉගැන්වීම දෙවියන්වහන්සේගෙන් වූ ඉගැන්වීමක් ද නොහොත් මා විසින් උපදවා කියනවාදැයි දැනගන්නේය. |
සරු බිමෙහි වූවෝ, යහපත් හදින් වචනය අසා, තදින් එය අල්ලාගෙන, නො පසුබට වීර්යයෙන් පල දරන අයයි.
එහෙත් සත්‍යයෙහි පැවත ක්‍රියා කරන්නා, තමන් කරන දේ දෙවියන්වහන්සේගේ කැමැත්තට එකඟව කළ බව පෙනෙන පිණිස, ආලෝකය තුළට එන්නේ ය.
නුඹලා, නුඹලාගේ පියා වන යක්ෂයාගෙන්. නුඹලාගේ කැමැත්ත නුඹලාගේ පියාගේ ආශාව ඉෂ්ට කිරීමයි. ඔහු පටන්ගැන්මේ සිට මිනී මරන්නෙක්; සත්‍යය සමඟ ඔහුට කිසි සම්බන්ධයක් නැහැ; මන්ද ඔහු තුළ සත්‍යතාවක් නැහැ. ඔහු බොරු කියන විට, ඔහු ප්‍රකාශ කරන්නේ ඔහුගේ සහජ ගතියයි. මන්ද ඔහු බොරුකාරයෙක්; බොරුවේ පියා ඔහුයි.
මා සත්‍යය පවසනවා නම්, ඔබ මා විශ්වාස නො කරන්නේ ඇයි? දෙවියන්වහන්සේට අයිති තැනැත්තා දෙවියන්වහන්සේගේ වචනවලට සවන් දෙයි. ඔබ සවන් නො දීමේ හේතුව ඔබ උන්වහන්සේට අයිති නැතිවීම යැ” යි පැවසූ සේක.
බෙරියයෝ තෙසලෝනිකයින්ට වඩා මහත්මා ගති ඇත්තෝ වූහ. පණිවුඩය බලවත් ඕනෑකමින් පිළිගත් ඔවුහු පාවුල් කී දෑ සත්‍යදැයි බලන්නට දිනපතා ශුද්ධ ලියවිලි පිරික්සූහ.