පියාණන්වහන්සේ මළවුන් නැගිටුවා ඔවුන්ට ජීවනය දෙන්නා සේ, පුත්‍රයා ද තමන් කැමති අයකුට ජීවනය දෙන්නේ ය.
යොහන් 6:63 - සිංහල කාලීන පරිවර්තනය ජීවනය දෙන්නේ ආත්මයාණෝයි. මාංසය ප්‍රයෝජනවත් නො වේ. මා ඔබට පැවසූ වචන ආත්මය හා ජීවනයයි. Sinhala New Revised Version ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි. Sinhala New Revised Version 2018 ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි. Sinhala Revised Old Version ජීවත්කරන්නේ ආත්මයය; මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා නුඹලාට කී වචන ආත්මයද ජීවනයද වෙයි. |
පියාණන්වහන්සේ මළවුන් නැගිටුවා ඔවුන්ට ජීවනය දෙන්නා සේ, පුත්‍රයා ද තමන් කැමති අයකුට ජීවනය දෙන්නේ ය.
සීමොන් පේතෘස් උන්වහන්සේට පිළිතුරු දෙමින්, “ස්වාමිනි, අප කවුරු ළඟට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබටයි.
“ගොස්, දේව මාලිග මළුවේ සිටගෙන, මේ නව ජීවනය පිළිබඳ සම්පූර්ණ පණිවුඩය ජනතාවට පවසන්නැ” යි කීවේ ය.
දහම් නීතියට ඔබ කීකරු වේ නම්, චර්ම-ඡේදනයෙහි සැබෑවටම වටිනාකමක් ඇත. එහෙත් ඔබ දහම් නීතිය කඩ කරනවා නම්, චර්ම-ඡේදනය ඔබට චර්ම අඡේදනයක් වෙයි.
මන්ද ජීවනයේ ආත්මයාණන්ගේ නීතිය, පාපයේ හා මරණයේ නීතියෙන්, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ, ඔබ නිදහස් කර ඇති බැවිනි.
මෙසේ ලියා ඇති පරිදි: “පළමු මිනිසා, ආදම් ජීවමාන පුද්ගලයෙක් විය. අවසාන ආදම් ජීවනදායක ආත්මයක් විය.”
මන්ද චර්මඡේදනයවත්, චර්ම අඡේදනයවත් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ ගණන් නො ගැණේ. ගණන් ගැනෙන්නේ ප්‍රේමයෙන් ක්‍රියා කරන ඇදහිල්ල පමණ ය.
අප වෙතින් ඔබ ඇසූ දෙවියන්වහන්සේගේ වචනය පිළිගත් කල, ඔබ එය පිළිගත්තේ මිනිසුන්ගේ වචනය ලෙසින් නො වේ; අදහන්නා වූ ඔබ තුළ ක්‍රියා කරන, එහි සැබෑ ස්වභාවයට අනුව දෙවියන්වහන්සේගේම වචනය ලෙසිනි. ඒ ගැන ද නිරතුරු අපි දෙවියන්වහන්සේට තුති පුදන්නෙමු.
ශාරීරික අභ්‍යාසයේ යම් වටිනාකමක් ඇත. එහෙත් මේ ජීවිතයට මෙන්ම මතු ජීවිතයට ද පොරොන්දු දරා සිටින දේව භක්තිවන්තකම හැම අතින්ම වටින්නේ ය.
සියලු ආකාර අමුතු ඉගැන්වීම් මඟින් මුළාව නො යන්න. මන්ද වඩා හොඳ, අප හදවත් අනුග්‍රහයෙන් ශක්තිමත් කර ගැනීම ය. ආහාරවලින් නො වේ; මන්ද ඒවා වැළදූ අයට වූ සෙතක් නැත.
මන්ද දෙවියන්වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාකාරී ය; කවර දෙමුහත් කඩුවකටත් වඩා මුවහත් ය; ජීවය හා ආත්මය ද සන්ධි හා ඇට මිදුලු ද විනිවිද වෙන් කර, හදවතේ සිතිවිලි හා ආකල්ප විමසයි.
උන්වහන්සේගේ මැවිලි අතර, අප නාඹුල් පල විශේෂයක් වන පිණිස, උන්වහන්සේ තමන්ගේම අභිමතය පරිදි සත්‍යතාවේ වචනයෙන් අප උත්පාද කළ සේක.
මන්ද ඔබ නැවත උත්පාද කරනු ලැබ ඇත්තේ දිරා යන බීජයකින් නො ව, නො දිරන ජීවමානවූත්, සදාතනිකවූත් දෙවියන්වහන්සේගේ වචනය මඟිනි.
මන්ද ක්‍රිස්තුස්වහන්සේ පාප උදෙසා එක් වරක් මැරුණු සේක. ධර්මිෂ්ඨ තැනැන්වහන්සේ අධර්මිෂ්ඨයින් උදෙසා එසේ කළේ, දෙවියන්වහන්සේ වෙත අප පමුණුවන පිණිස ය. උන්වහන්සේ මාංසයෙන් මරණයට පත් කරනු ලැබූ නමුදු ආත්මයෙන් ජීවනයට ගෙනෙනු ලැබූ සේක්,
ඊට අනුරූප වන බව්තීස්මයෙන් දැන් ඔබ ගැලවේ; ඒ, ශරීරයෙන් කිලුට පහ කිරීමක් වශයෙන් නො ව, යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නැවත නැගිටීම හේතු කොට ගෙන පිවිතුරු හෘදය සාක්ෂියකින් දෙවියන්වහන්සේට කරන පොරොන්දුවක් වශයෙනි.