යාකොබ්, යෝසෙප්ගේ පියා ය. යෝසෙප්, මරියාගේ පුරුෂයා ය. ක්‍රිස්තුස් නම් වූ යේසුස්වහන්සේ උපන්නේ මරියාගෙනි.
යොහන් 4:25 - සිංහල කාලීන පරිවර්තනය එවිට එම ස්ත්‍රිය, “ක්‍රිස්තුස් කියන මෙසියස්වහන්සේ පැමිණෙන වග මා දන්නවා. උන්වහන්සේ ආ කල, හැම දෙයක්ම අපට පැහැදිලි කර දේවි” යි උන්වහන්සේට කීවා ය. Sinhala New Revised Version ස්ත්‍රිය පිළිතුරු දෙමින්; “ ‘ක්‍රිස්තුස් වහන්සේ’ ය යි කියන මෙසියස් තුමාණන් එන බව දනිමි; උන් වහන්සේ පැමිණි කල සියල්ල අපට දන්වා වදාරන සේකැ”යි කීවා ය. Sinhala New Revised Version 2018 ස්ත්‍රිය පිළිතුරු දෙමින්; “ ‘ක්‍රිස්තුස් වහන්සේ’ ය යි කියන මෙසියස් තුමාණන් එන බව දනිමි; උන් වහන්සේ පැමිණි කල සියල්ල අපට දන්වා වදාරන සේකැ”යි කීවා ය. Sinhala Revised Old Version ස්ත්‍රී උන්වහන්සේට කථාකොට: (ක්‍රිස්තුස්යයි කියන) මෙසියස්වහන්සේ එන බව දනිමි. උන්වහන්සේ ආවාම සියල්ල අපට දන්වනසේකැයි කීවාය. |
යාකොබ්, යෝසෙප්ගේ පියා ය. යෝසෙප්, මරියාගේ පුරුෂයා ය. ක්‍රිස්තුස් නම් වූ යේසුස්වහන්සේ උපන්නේ මරියාගෙනි.
එබැවින්, ජනයා එක්රොක් වූ කල පිලාත්, ඔවුන් අමතමින්, “මා ඔබට කවරකු නිදහස් කර දෙනවාට ඔබ කැමති ද? බරබ්බස් ද? නැතිනම් ක්‍රිස්තුස් ය කියන යේසුස් දැ?” යි ඇසී ය.
“එසේ නම්, ක්‍රිස්තුස් ය කියන මේ යේසුස්ට මා කුමක් කළ යුතු දැ?” යි පිලාත් ඇසී ය. “ඔහු කුරුසියේ ඇණ ගසනු” යි ඔවුහු සියල්ලෝ කීවෝ ය.
එවිට නතානියෙල්, “රබ්බී, ඔබතුමා දෙවියන්වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඉශ්‍රායෙල්ගේ රජ්ජුරුවෝ යැ” යි පැවසී ය.
“වරෙල්ලා, මෙතෙක් මා කළ හැම දෙයක්ම කී මිනිසකු බලන්නට; මෙතුමා ක්‍රිස්තුස්වහන්සේවත්දෝ” යි මිනිසුන්ට කීවා ය.
“මෙතෙක් මා කළ හැම දෙයක්ම එතුමා මට කීවා” යන ඒ ස්ත්‍රියගේ සාක්ෂිය නිසා, ඒ නගරයේ සමාරි වාසීහු බොහෝ දෙනෙක් උන්වහන්සේ තුළ විශ්වාසය තැබූහ.
ඔවුහු ඒ ස්ත්‍රියට කතා කොට, “අප දැන් විශ්වාස කරන්නේ, ඔබ කී දේ නිසා නො වෙයි. අපි දැන් අපේම කනින් ඇසුවා; සැබවින් ම දැන් අප දන්නවා මුන්වහන්සේ ලෝකයේ ගැලවුම්කරුවාණන් වග” යයි කීවෝ ය.