“මගේ පියාණන්වහන්සේ සියලු දේ මට බාර දී ඇත. පියාණන්වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් කවුදැයි හඳුනන්නේ නැත. එසේම පුත්‍රයාණන් හා පුත්‍රයාණන් විසින් යමකුට පියාණන්වහන්සේ එළිදරවු කිරීමට තෝරාගත් අය ද හැර, අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.
යොහන් 3:35 - සිංහල කාලීන පරිවර්තනය දෙවියන්වහන්සේ ස්වකීය පුත්‍රයාට ප්‍රේම කරන සේක්, හැම දෙයක්ම පුත්‍රයාණන් අතට දී තිබේ. Sinhala New Revised Version පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන සේක. සියල්ල උන් වහන්සේ අතට භාර දී ඇත. Sinhala New Revised Version 2018 පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන සේක. සියල්ල උන් වහන්සේ අතට භාර දී ඇත. Sinhala Revised Old Version පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේමකරනසේක, සියල්ල උන්වහන්සේ අතට භාරදී තිබේ. |
“මගේ පියාණන්වහන්සේ සියලු දේ මට බාර දී ඇත. පියාණන්වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් කවුදැයි හඳුනන්නේ නැත. එසේම පුත්‍රයාණන් හා පුත්‍රයාණන් විසින් යමකුට පියාණන්වහන්සේ එළිදරවු කිරීමට තෝරාගත් අය ද හැර, අන් කිසිවෙක් පියාණන්වහන්සේ හඳුනන්නේ නැත.
ඔහු කතා කරද්දීම, මෙන්න, දීප්තිමත් වලාකුළක් ඔවුන් වසාගෙන; ඒ වලාවෙන් කටහඬක් නික්මී, “මේ මාගේ ප්‍රේමණීය පුත්‍රයා ය; මොහු කෙරේ මම බොහෝ ප්‍රසන්නව සිටිමි. එතුමාණන්ට සවන් දෙනු” යි කියැවිණි.
තවද, “මේ මා ප්‍රේම කරන මාගේ පුත්‍රයාණෝ ය; ඔහු සමඟ මම බෙහෙවින් ප්‍රසන්නව සිටිමි” යි පවසන හඬක් අහසින් විය.
“මගේ පියාණන්වහන්සේ සියලු දේ මට බාර දී ඇත. පියාණන්වහන්සේ හැර, අන් කිසිවෙක් පුත්‍රයාණන් කවුදැයි හඳුනන්නේ නැත. එසේම පුත්‍රයාණන් හා පුත්‍රයාණන් විසින් යමකුට පියාණන්වහන්සේ එළිදරවු කිරීමට තෝරාගත් අය ද හැර, අන් කිසිවෙක් පියාණන්වහන්සේ කවුදැයි හඳුනන්නේ නැතැ” යි පැවසූ සේක.
පියාණන්වහන්සේ සියලු දේ තම අත්වලට දී ඇති වගත්, තමන් දෙවියන්වහන්සේ වෙතින් පැමිණි වගත්, දෙවියන්වහන්සේ වෙත ආපසු යන වගත් දත් යේසුස්වහන්සේ,
මන්ද පුත්‍රයාණන්ට ඔබ දුන් සියලු දෙනාට සදාතන ජීවනය දෙන පිණිස, සකල මිනිස් වර්ගයා කෙරෙහි ඔබවහන්සේ පුත්‍රයාණන්ට ආධිපත්‍යය දුන් සේක.
මා ඔවුන් තුළත්, ඔබ මා තුළත් සිටීමෙන් ඔවුන් සම්පූර්ණ ඒකත්වයට පත්වීමෙන් ඔබ මා එවූ බවත්, ඔබ, මට මෙන්ම මොවුන්ට ද ප්‍රේම කළ බවත් ලෝකයා දැනගන්නා පිණිස ය.
ඔබගේ නාමය මම ඔවුන්ට දැනගන්නට සැලැස්වීමි. මම එය නොකඩව දැනගන්නට සලසමි. එසේ කරන්නේ ඔබ මට ප්‍රේම කළ ප්‍රේමයම මොවුන් තුළ වන පිණිසත්, මා ද මොවුන් තුළ වන පිණිසත් ය.”
පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන නිසා, තමන් කරන හැම දෙයක්ම පුත්‍රයාට පෙන්වන සේක. ඔබ මවිත කරවන මීට වඩා විශිෂ්ට දෑ මතු පෙන්වනු ඇත.
තවද පියාණන්වහන්සේ කිසිවකුත් විනිශ්චය නො කර, විනිශ්චය මුළුමනින්ම පුත්‍රයාණන් අතට බාර දී ඇත.
දෙවියන්වහන්සේ, “සියලු දේම එතුමාණන්ගේ පයට යටත් කළ සේකැ” යි ශුද්ධ ලියවිල්ල පවසයි. එහෙත්, උන්වහන්සේගේ පයට සියලු දේම යටත් කළ තැනැන්වහන්සේ, ඒ “සියලු දේම” යන්නට ඇතුළත් නො වන බැව් පැහැදිලි ය.
තවද සියලු දේම ක්‍රිස්තුස්වහන්සේගේ පාදයන්ට යටත් කළ දෙවියන්වහන්සේ සභාව උදෙසා සියලු දේහි ප්‍රධාන තැනැත්තාණන් ලෙස උන්වහන්සේ නියම කළ සේක.
එහෙත් මේ අවසන් දවස්හිදී උන්වහන්සේ අපට කතා කර ඇත්තේ, සියලු දේහි උරුමකරුවාණන් කර, උන්වහන්සේ පත් කළ, එසේම මුළු ලෝකය උන්වහන්සේ මවනු ලැබුවේ කවරකු තුළින් ද, අන්න ඒ ස්වකීය පුත්‍රයාණන් මඟිනි.
උන්වහන්සේ ස්වර්ගයට පිවිස, දේව දූතයින් ද අධිපතීන් ද බලධාරීන් ද උන්වහන්සේට යටත් කරනු ලැබ, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටින සේක.