යොහන් 3:14 - සිංහල කාලීන පරිවර්තනය කාන්තාරයේදී මෝසෙස් සර්පයා එසවූ ලෙස මනුෂ්‍ය පුත්‍රයාණන් ද ඔසවනු ලැබිය යුතුව ඇත. Sinhala New Revised Version පාළුකරයෙහි දී මෝසෙස් සර්පයා එසවූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන් ද, Sinhala New Revised Version 2018 පාළුකරයෙහි දී මෝසෙස් සර්පයා එසවූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන් ද, Sinhala Revised Old Version මෝසෙස් කාන්තාරයේදී සර්පයා එසවූ ලෙසම මනුෂ්‍ය පුත්‍රයාද |
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “සිවලුන්ට ගුහාත්, අහස් පක්ෂීන්ට කැදලිත් තිබේ. එහෙත් මනුෂ්‍ය-පුත්‍රයාට තම හිස තැබීමටවත් තැනක් නැතැ” යි කී සේක.
මෙසේ වූයේ තමන් මියෙන්නේ කවර ආකාර මරණයකින්දැයි පෙන්වීමට යේසුස්වහන්සේ පවසා තිබූ වචනය සැබෑ වන පිණිස ය.
ස්වර්ගයෙන් බැස ආ ජීවනදායක රොටි මමයි. යම් කෙනෙක් මේ රොටි කෑවොත් ඔහු සදහට ජීවත් වෙයි. ලෝකයාගේ ජීවනය සඳහා මා දෙන රොටි මගේ මාංසයැ” යයි ප්‍රකාශ කළ සේක.
එබැවින් ඔවුන් ඇමතූ යේසුස්වහන්සේ, “ඔබ මනුෂ්‍ය පුත්‍රයා උඩට එසවූ කල, මා උන්වහන්සේ වගත්, පියාණන්වහන්සේ ඉගැන්වූ දේ පවසනවා මිස, මා මගේම ආධිපත්‍යයෙන් කිසිවක් කරන්නේ නැති වගත් ඔබ දැන ගන්නවා ඇති.
දෙවියන්වහන්සේගේ නියත සැලැස්මක් හා උන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව බාර දෙනු ලැබූ මෙම යේසුස්වහන්සේ, නුඹලා නීතියක් නැති මිනිසුන්ගේ අත්වලින් කුරුසියේ ඇණ ගසා, මරා දැමූහ.