ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 19:41 - සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ කුරුසිපත් කළ ස්ථානය අසල උයනක් තිබිණි. ඒ උයනේ එතෙක් කිසිවකු තැන්පත් නො කරන ලද අලුත් සොහොන් ලෙනක් තිබිණි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානයේ උයනක් විය. ඒ උයනේ, ඒ තාක් කිසි කලෙක කිසිවකු තැන්පත් නොකළ අලුත් සොහොන් ගෙයක් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

උන් වහන්සේ කුරුසියේ ඇණ ගසනු ලැබූ ස්ථානයේ උයනක් විය. ඒ උයනේ, ඒ තාක් කිසි කලෙක කිසිවකු තැන්පත් නොකළ අලුත් සොහොන් ගෙයක් විය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

උන්වහන්සේ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ ස්ථානයෙහි උයනක් තිබුණේය; ඒ උයනෙහි ඒතාක් කිසිකලෙක කිසිවෙකු නොතැබුවාවූ අලුත් සොහොන්ගෙයක් තිබුණේය.

පරිච්ඡේදය බලන්න



යොහන් 19:41
7 හුවමාරු යොමු  

පර්වතයක් කැණ තනා තිබූ ඔහුටම අයත් අලුත් සොහොන් ලෙන තුළ දේහය තැන්පත් කළේ ය. ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා තැබූ ඔහු යන්නට ගියේ ය.


පසුව ඔහු දේහය බාවා, සිහින් හණ රෙද්දකින් ඔතා, සොහොනක තැන්පත් කළේ ය. එය ගලක් කැණ, ඒ වන තෙක් කිසිවකුත් තැන්පත් නො කරන ලද එකකි.


එය යුදෙව්වන්ගේ සූදානම් වීමේ දවස බැවින් ද සොහොන් ගෙය අත නුදුරින් ම වූ බැවින් ද ඔවුහු යේසුස්වහන්සේ එහි තැන්පත් කළහ.


යේසුස්වහන්සේ ඇය අමතා, “ළඳුනි, ඇයි ඔබ හඬන්නේ? කවරකු ද ඔබ සොයන්නේ?” යි ඇසූ සේක. ඒ උයන්පල්ලා යැයි සිතූ ඕ, උන්වහන්සේ අමතා, “මහත්මයා, උන්වහන්සේ ඉවත ගෙන ගියේ ඔබ නම්, ඔබ උන්වහන්සේ තැබුවේ කොතැනකදැයි මට කියන්න. මා උන්වහන්සේ ගෙන යන්නම්” කීවා ය.