ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 19:11 - සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඉහළින් ඔබට අනුමැතිය දුන්නොත් මිස, මා කෙරේ ඔබට කිසි බලයක් නැත. එබැවින් ඔබ අතට මා පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතළ යැ” යි කී සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවිඳුන් විසින් බලය නොදෙන ලද්දේ නම්, මට විරුද්ධ ව ඔබට කිසි බලයක් නැත. එබැවින් මා ඔබ අතට පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතල ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, “දෙවිඳුන් විසින් බලය නොදෙන ලද්දේ නම්, මට විරුද්ධ ව ඔබට කිසි බලයක් නැත. එබැවින් මා ඔබ අතට පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතල ය”යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යේසුස්වහන්සේ ඔහුට උත්තරදෙමින්: ඉහළින් එය නුඹට නොදෙනලද්දේ නම්, මට විරුද්ධව නුඹට කිසි බලයක් නැත. එහෙයින් මා නුඹට පාවාදුන් තැනැත්තාගේ පාපය වඩා මහත්යයි කීසේක.

පරිච්ඡේදය බලන්න



යොහන් 19:11
37 හුවමාරු යොමු  

එවිට තම හැඳිවත් ඉරා ගත් උත්තම පූජකයා, “ඔහු කීවේ දේවාපහාස! තවත් සාක්ෂිකරුවන් අපට කුමට ද? මේ දැන් ඔහුගේ දේවාපහාසය ඔබට ඇහුණා;


ඔවුහු උන්වහන්සේ යදමින් බැඳ, පිටත ගෙන ගොස්, ආණ්ඩුකාර පිලාත්ට බාර දුන්හ.


පරීක්ෂාවනට අප නො පමුණුවා, නපුරාගෙන් අප මුදා ගත මැනව.’


“මම යමකු සිඹිම් ද තැනැත්තා ඔහුයි. ඔහු අල්ලා රැකවල් ලා, ගෙන යන්නැ” යි පාවා දෙන්නා ඔවුන්ට ලකුණක් දී තිබිණ.


මා දිනපතා දේව මාලිගයේ නුඹලා සමඟ සිටියදී, නුඹලා මා පිට අත් හෙළුවේ නෑ. ඒත්, මේ නුඹලාගේ පැයයි. අන්ධකාරයේ බලයයි” කී සේක.


පළමු කොට ඔවුහු එම වසරේ උත්තම පූජක වූ කායාපස්ගේ මාමණ්ඩිය වූ අන්නස් වෙත උන්වහන්සේ ගෙන ගියහ.


එබැවින් යූදස්, හේවා කණ්ඩායමක් ද නායක පූජකයින් හා පරිසිවරුන්ගෙන් ලබාගත් නිලධාරි කණ්ඩායමක් ද සමඟ එහි ආවේ ය. ඔවුන් අත පහන්, පන්දම් හා අවි ද විය.


පිලාත් උන්වහන්සේ අමතමින්, “මට ඔබ උත්තර දෙන්නේ නැද්ද? ඔබ නිදහස් කරන්නටත්, කුරුසිපත් කරන්නටත් මට බලය තිබෙන බව දන්නේ නැද්දැ?” යි ඇසී ය.


යොහන් පිළිතුරු දෙමින්, මෙසේ පැවසී ය, “ස්වර්ගයෙන් දෙනු ලැබූ දෙයක් මිස අන් කිසිවක් ලබන්නට මනුෂ්‍යයකුට නුපුළුවන.


එවිට ඔවුහු උන්වහන්සේ අල්ලා ගැනීමට තැත් දැරූ නමුදු, කිසිවකුත් උන්වහන්සේට අත තැබුවේ නැත. මන්ද උන්වහන්සේගේ පැය තවම පැමිණ තිබුණේ නැත.


යේසුස්වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, “ඔබ අන්ධව සිටියා නම් ඔබ වරදකරුවන් නො වන්නට තිබුණා. එහෙත් ‘අපට පෙනෙනවා’ යි ඔබ කියන නිසා, ඔබගේ වරදකාරකම එසේම පවතී” යි පැවසූ සේක.


දෙවියන්වහන්සේගේ නියත සැලැස්මක් හා උන්වහන්සේගේ පෙර දැනගැන්මට අනුව බාර දෙනු ලැබූ මෙම යේසුස්වහන්සේ, නුඹලා නීතියක් නැති මිනිසුන්ගේ අත්වලින් කුරුසියේ ඇණ ගසා, මරා දැමූහ.


ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ වන අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, ස්වකීය සේවක යේසුස්වහන්සේ තේජෝමහිමයට පැමිණවූ සේක. ඔබ පිලාත් අතට එතුමන් භාර දුන් විට පිලාත් එතුමන් නිදහස් කරන්නට තීරණය කළත්, ඔබ කළේ ඔහු ඉදිරි පිටදී එතුමන් ප්‍රතික්ෂේප කිරීමයි.


ඔවුන් කර ඇත්තේ, ඔබවහන්සේගේ බලය හා අභිප්‍රාය පරිදි මතු සිදු විය යුතු බවට ඉහතදී ඔබවහන්සේ නියම කළ ලෙසයි.


මන්ද සියලු දේම උන්වහන්සේගෙනි. උන්වහන්සේ මඟිනි. සියලු දේ උන්වහන්සේ උදෙසා ය. උන්වහන්සේට සදහට ම මහිමය වේවා! ආමෙන්.


හැම කෙනෙක්ම රාජ්‍ය බලධාරීන්ට යටත් විය යුතු ය. මන්ද දෙවියන්වහන්සේගෙන් නො වන ආධිපත්‍යයක් නැත; දැනට පවතින ඒවා පිහිටුවා ඇත්තේ දෙවියන්වහන්සේ ය.


හැම හොඳ ත්‍යාගයක්ම, හැම සම්පූර්ණ ත්‍යාගයක්ම වෙනස් වීමක් හෝ වෙනස් වීමේ සේයාවක් හෝ නැති ආලෝකයේ පියාණන්වහන්සේ වෙතින් ඉහළ සිට බැස එයි.


එබැවින් යමෙක්, කළ යුතු හරි දේ දැන, ඒ දේ නො කරන්නේ නම් එයම ඔහුට පාපයකි.