නාසරෙත් නම් වූ නුවරකට පැමිණ, එහි පදිංචි විය. “උන්වහන්සේ නාසරීයයෙකැයි අමතනු ලබනු ඇත” යනුවෙන් දිවැසිවරුන් මඟින් කී කීම මෙසේ ඉටු විය.
යොහන් 18:5 - සිංහල කාලීන පරිවර්තනය “නාසරෙත්හි යේසුස්” යැයි ඔවුහු පිළිතුරු දුන්හ. එවිට, “ඒ මම යැ” යි යේසුස්වහන්සේ ඔවුන්ට කී සේක. උන්වහන්සේ පාවා දුන් යූදස් ඔවුන් සමඟ සිටගෙන සිටියේ ය. Sinhala New Revised Version ඔව්හු පිළිතුරු දෙමින්: “නාසරෙත්හි ජේසුස් ය”යි කී හ. “ඒ මම ය”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ද්‍රෝහියා වූ ජූදස් ඔවුන් සමඟ සිටියේ ය. Sinhala New Revised Version 2018 ඔව්හු පිළිතුරු දෙමින්: “නාසරෙත්හි ජේසුස් ය”යි කී හ. “ඒ මම ය”යි ජේසුස් වහන්සේ ඔවුන්ට වදාළ සේක. ද්‍රෝහියා වූ ජූදස් ඔවුන් සමඟ සිටියේ ය. Sinhala Revised Old Version ඔව්හු උන්වහන්සේට උත්තරදෙමින්: නාසරිය යේසුස්යයි කීවෝය. ඒ මමයයි යේසුස්වහන්සේ ඔවුන්ට කීසේක. උන්වහන්සේ පාවාදුන් යූදස්ද ඔවුන් සමඟ සිටියේය. |
නාසරෙත් නම් වූ නුවරකට පැමිණ, එහි පදිංචි විය. “උන්වහන්සේ නාසරීයයෙකැයි අමතනු ලබනු ඇත” යනුවෙන් දිවැසිවරුන් මඟින් කී කීම මෙසේ ඉටු විය.
“නාසරෙත්!” යයි කී නතානියෙල්, “කිසි හොඳක් එහෙන් ඒ දැ?” යි ඇසී ය. “ඇවිත් බලන්නැ” යි පිලිප් කීවේ ය.
යේසුස්වහන්සේ එවිට තමන්ට සිදුවන්නට යන සියල්ල දැන ඉදිරියට අවුත්, “කවුරු ද ඔබ සොයන්නේ?” යි ඔවුන්ගෙන් ඇසූ සේක.
පිලාත් නාම පුවරුවක් ලියවා, එය කුරුසිය මත තැබී ය. එය මෙසේ ය: නාසරෙත්හි යේසුස්, යුදෙව්වන්ගේ රජු.