ඉන්පසු ආණ්ඩුකරුගේ හේවායෝ ප්‍රේතෝරියම් නම් වූ ආණ්ඩුකාර මූලස්ථානයට යේසුස්වහන්සේ ගෙන ගොස්, මුළු හේවා සේනාංකයම උන්වහන්සේ ඉදිරියේ රැස් කරවූහ.
යොහන් 18:28 - සිංහල කාලීන පරිවර්තනය ඔවුහු කායාපස්ගේ ගෘහය වෙතින් ආණ්ඩුකාර මැදුර වෙත යේසුස්වහන්සේ ගෙන ගියහ. ඒ හිමිදිරි උදයයි. පාස්කුව වැළඳීමට හැකි වන පිණිස අපවිත්‍ර නො වන්නට ඔවුහු ආණ්ඩුකාර මැදුරට ඇතුළු නො වූහ. Sinhala New Revised Version එවිට ඔව්හු, ජේසුස් වහන්සේ කායාපස් වෙතින් රජවාසලට ගෙන ගියහ. එය අලුයම් වේලාව විය. පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූ හ. Sinhala New Revised Version 2018 එවිට ඔව්හු, ජේසුස් වහන්සේ කායාපස් වෙතින් රජවාසලට ගෙන ගියහ. එය අලුයම් වේලාව විය. පාස්කු භෝජනය වැළඳීමට නොහැකි වන සේ තමන් අපවිත්‍ර වෙති යි සිතා, ඔව්හු රජවාසලට ඇතුළු නොවූ හ. Sinhala Revised Old Version එවිට ඔව්හු යේසුස්වහන්සේ කායාඑස් කෙරෙන් ප්‍රේතෝරියම් ශාලාවට ගෙනගියෝය. එය අලුයම් වේලාවය; ඔව්හු, අපවිත්‍ර නොවී පාස්කුව කන්ට හැකිවන පිණිස, ප්‍රේතෝරියම් ශාලාවට ඇතුල් නූණෝය. |
ඉන්පසු ආණ්ඩුකරුගේ හේවායෝ ප්‍රේතෝරියම් නම් වූ ආණ්ඩුකාර මූලස්ථානයට යේසුස්වහන්සේ ගෙන ගොස්, මුළු හේවා සේනාංකයම උන්වහන්සේ ඉදිරියේ රැස් කරවූහ.
හේවායෝ ප්‍රේතෝරියම් නම් වූ ආණ්ඩුකාර මූලස්ථානයට උන්වහන්සේ ගෙන ගොස්, මුළු සේනාංකයම කැඳවූහ.
දවස උදා වූ කල ජනතා වැඩිහිටි සභාව, නායක පූජකවරු හා දහම් පඬිවරු එකට රැස් වූහ. ඔවුන්ගේ මන්ත්‍රණ සභාව ඉදිරියට යේසුස්වහන්සේ පමුණුවන ලදින්, ඔවුහු කතා කරමින්,
එකල යුදෙව්වන්ගේ පාස්කු මංගල්‍යය ආසන්න වූයෙන්, පාස්කුවට පෙරාතුව තමන් පවිත්‍ර කරගන්නා පිණිස, පිට පළාත්හි සිට බොහෝ දෙනෙක් යෙරුසලමට ගියහ.
පළමු කොට ඔවුහු එම වසරේ උත්තම පූජක වූ කායාපස්ගේ මාමණ්ඩිය වූ අන්නස් වෙත උන්වහන්සේ ගෙන ගියහ.
සීමොන් පේතෘස් හා තවත් ගෝලයෙක් යේසුස්වහන්සේ පසුපසින් ගියහ. එම ගෝලයා උත්තම පූජකයා හඳුනන බැවින්, යේසුස්වහන්සේ සමඟ උත්තම පූජක මැදුරු මළුවට ඇතුළු විය.
එබැවින් පිලාත් යළි තම මැදුරට ඇතුල්ව, යේසුස්වහන්සේ කැඳවා, “ඔබ යුදෙව්වන්ගේ රජ දැ?” යි ඇසී ය.
එනමුත් පාස්කු මංගල්‍යයේදී මා ඔබට එක් සිරකරුවකු නිදහස් කරදෙන සිරිතක් ඔබට තිබේ. යුදෙව්වන්ගේ රජ මා ඔබට නිදහස් කර දෙනවාට ඔබ කැමති දැ?” යි ඇසී ය.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඉහළින් ඔබට අනුමැතිය දුන්නොත් මිස, මා කෙරේ ඔබට කිසි බලයක් නැත. එබැවින් ඔබ අතට මා පාවා දුන් තැනැත්තාගේ පාපය වඩාත් බරපතළ යැ” යි කී සේක.
ඒ, පාස්කුවට පෙර සූදානම් වීමේ දවසේ මද්දහන වූ හයවන පැයයි. පිලාත් යුදෙව්වන් අමතා, “මෙන්න! ඔබේ රජ්ජුරුවෝ” යි කීවේ ය.
ඔහු යළිත් තම මැදුර තුළට පිවිස, යේසුස්වහන්සේ අමතා, “ඔබ කොහෙන් පැමිණියේ දැ?” යි ඇසී ය. එහෙත් යේසුස්වහන්සේ ඔහුට උත්තර නො දුන් සේක.
ඔහු ඔවුන් අමතමින්, “යුදෙව්වකුට අන්‍ය-ජාතිකයකු බැහැදැක්ම හෝ සමාගම් පැවැත්වීම අප දහම් නීතියට පටහැනි වග ඔබ හොඳින් දනී. එහෙත් කිසි මිනිසකු අකැපය, අපවිත්‍ර ය කියා මා නො කිව යුතු වග දෙවියන්වහන්සේ මට පෙන්වා දුන්නා.
පේතෘස් නමින් හඳුන්වන සීමොන් කැඳවා යොප්පා වෙත පණිවුඩ යවන්න. මුහුද අද්දර, සම් පදම් කරන සීමොන්ගේ නිවසේ ඔහු නැවතී සිටී’ යි කීවා.
ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද යාකොබ්ගේ ද දෙවියන්වහන්සේ වන අපේ පියවරුන්ගේ දෙවියන්වහන්සේ, ස්වකීය සේවක යේසුස්වහන්සේ තේජෝමහිමයට පැමිණවූ සේක. ඔබ පිලාත් අතට එතුමන් භාර දුන් විට පිලාත් එතුමන් නිදහස් කරන්නට තීරණය කළත්, ඔබ කළේ ඔහු ඉදිරි පිටදී එතුමන් ප්‍රතික්ෂේප කිරීමයි.
ඇත්තෙන්ම ඔබවහන්සේගේ ආලේපය ලද ඔබවහන්සේගේ ශුද්ධ සේවක යේසුස්වහන්සේට එරෙහිව කුමන්ත්‍රණ කිරීමට හෙරෝද් හා පොන්තියුස් පිලාත්, අන්‍ය-ජාතීන් හා ඉශ්‍රායෙල් ජනයා සමඟ මේ නගරයේදී එක්රැස් වී ඇත.