ඉන්පසු, යේසුස්වහන්සේ අල්ලාගත් අය, උත්තම පූජක කායාපස් වෙත උන්වහන්සේ ගෙන ගියහ. දහම් පඬිවරුන් හා ජනයාගේ වැඩිහිටියෝ එහි රැස් වී සිටියහ.
යොහන් 18:12 - සිංහල කාලීන පරිවර්තනය එවිට හේවායෝ ද ඔවුන්ගේ අණ දෙන්නා ද යුදෙව් නිලධාරීහු ද යේසුස්වහන්සේ අත්අඩංගුවට ගෙන, උන්වහන්සේ බැඳ දැමූහ. Sinhala New Revised Version එකල භට කණ්ඩායම ද ඔවුන්ගේ මහා සේනාධිපතියා ද ජුදෙව්වරුන්ගේ මුර සේවකයෝ ද ජේසුස් වහන්සේ අල්ලා, බැඳගෙන Sinhala New Revised Version 2018 එකල භට කණ්ඩායම ද ඔවුන්ගේ මහා සේනාධිපතියා ද ජුදෙව්වරුන්ගේ මුර සේවකයෝ ද ජේසුස් වහන්සේ අල්ලා, බැඳගෙන Sinhala Revised Old Version එකල හේවාකණ්ඩායමද ප්‍රධාන සේනාපතියාද යුදෙව්වරුන්ගේ සේවකයෝද යේසුස්වහන්සේ අල්ලා බැඳ, |
ඉන්පසු, යේසුස්වහන්සේ අල්ලාගත් අය, උත්තම පූජක කායාපස් වෙත උන්වහන්සේ ගෙන ගියහ. දහම් පඬිවරුන් හා ජනයාගේ වැඩිහිටියෝ එහි රැස් වී සිටියහ.
ඉන්පසු ආණ්ඩුකරුගේ හේවායෝ ප්‍රේතෝරියම් නම් වූ ආණ්ඩුකාර මූලස්ථානයට යේසුස්වහන්සේ ගෙන ගොස්, මුළු හේවා සේනාංකයම උන්වහන්සේ ඉදිරියේ රැස් කරවූහ.
ඔවුහු උත්තම පූජකයා වෙත යේසුස්වහන්සේ ගෙන ගියහ. සියලු නායක පූජකවරු, වැඩිහිටියෝ හා දහම් පඬිවරු එහි රැස් වූහ.
උදය වූ විගස නායක පූජකවරු, දහම් පඬිවරුන් හා වැඩිහිටියන් හා මුළු මන්ත්‍රණ සභාව සමඟ සාකච්ඡා කොට, යේසුස්වහන්සේ බැඳ, ගෙන ගොස්, පිලාත්ට භාර දුන්හ.
ඔවුහු උන්වහන්සේ අල්ලා, පිටතට ගෙන යමින්, උත්තම පූජක මැදුර වෙත උන්වහන්සේ ගෙන ගියහ. පේතෘස් මදක් දුරින් ඒ පසුපසින් ගියේ ය.
එබැවින් යූදස්, හේවා කණ්ඩායමක් ද නායක පූජකයින් හා පරිසිවරුන්ගෙන් ලබාගත් නිලධාරි කණ්ඩායමක් ද සමඟ එහි ආවේ ය. ඔවුන් අත පහන්, පන්දම් හා අවි ද විය.
ඉතාලි රෙජිමේන්තුව නම් ලත් හමුදා ඒකකයේ සියයේ සේනාංකයක සෙන්පති වූ කොර්නේලියස් නැමැත්තෙක් කායිසාරියේ විසී ය.
පාවුල් මරා දමන්නට ඔවුන් අර අදිද්දී, මුළු යෙරුසලම් නගරයම කැලඹී ඇතැයි නගරයේ රෝම සෙන්පතිට සැල විණි.
හේවායින් කඳවුර තුළට තමා ගෙන යෑමට සැරසෙද්දී, සෙන්පති ඇමතූ පාවුල්, “ඔබට වචනයක් කියන්න අවසර දැ?” යි ඇසී ය. එවිට සෙන්පති, “හෝ! ඔබ ග්‍රීක් බස දන්නවා ද?
දෙපිලේ විවාදය කෙතරම් සැහැසි වී ද යත්, ඔවුහු පාවුල් කීතු කීතුවලට ඉරා දමතියි සෙන්පතියා බය විය. එබැවින් ඔහු ඔවුන් අතරට ගොස්, බලයෙන්ම ඔවුන් වෙතින් පාවුල් ඉවත් කරගෙන, කඳවුරට ගෙන යන ලෙස හේවායිනට අණ දුන්නේ ය.