සීමොන් පේතෘස් ඒ දැක, යේසුස්වහන්සේගේ දෙදණ අබියස වැටී, “අහෝ ස්වාමිනි, මා වෙතින් ඉවත්ව ගිය මැනව; මා පව්කාර මිනිහෙකි” යි කීවේ ය.
යොහන් 13:6 - සිංහල කාලීන පරිවර්තනය උන්වහන්සේ සීමොන් පේතෘස් වෙත ආ කල, “ස්වාමිනි, ඔබතුමා මගේත් පා සෝදනවාදැ?” යි ඔහු ඇසුවේ ය. Sinhala New Revised Version උන් වහන්සේ සීමොන් පේදුරු ළඟට ආ විට, “ස්වාමීනි, ඔබ වහන්සේ මාගේ පාදත් සෝදන සේක් දැ”යි ඔහු ඇසී ය. Sinhala New Revised Version 2018 උන් වහන්සේ සීමොන් පේදුරු ළඟට ආ විට, “ස්වාමීනි, ඔබ වහන්සේ මාගේ පාදත් සෝදන සේක් දැ”යි ඔහු ඇසී ය. Sinhala Revised Old Version උන්වහන්සේ සීමොන් පේතෘස් ළඟට ආසේක. ඔහු: ස්වාමීනි, ඔබ මාගේ පාද සෝදනසේක්දැයි කීවේය. |
සීමොන් පේතෘස් ඒ දැක, යේසුස්වහන්සේගේ දෙදණ අබියස වැටී, “අහෝ ස්වාමිනි, මා වෙතින් ඉවත්ව ගිය මැනව; මා පව්කාර මිනිහෙකි” යි කීවේ ය.
මට පසුව එන තැනැත්තාණෝ උන්වහන්සේයි; උන්වහන්සේගේ පාවහන් පටි මුදන්නට තරම් වත් මා වටින්නේ නැතැ” යි පැවසී ය.
ඉන්පසු බඳුනකට ජලය වත්කර, තම ගෝලයින්ගේ පා සෝදමින්, ඉඟ බැඳි තුවායෙන් පිසදමන්නට වන් සේක.
යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මා කරන දේ ඔබට දැන් නො වැටහුණත්, පසුව ඔබ වටහා ගනු ඇතැ” යි කී සේක.