යොහන් 12:10 - සිංහල කාලීන පරිවර්තනය එබැවින් ලාසරස් ද මරා දමන්නට නායක පූජකයෝ සැලසුම් කළහ. Sinhala New Revised Version එබැවින්, ලාසරස් ද මරන්නට නායක පූජකයෝ කුමන්ත්‍රණය කළහ. Sinhala New Revised Version 2018 එබැවින්, ලාසරස් ද මරන්නට නායක පූජකයෝ කුමන්ත්‍රණය කළහ. Sinhala Revised Old Version නුමුත් නායක පූජකයෝ ලාසරුස්වත් මරන්ට මන්ත්‍රණය කළෝය. |
පෙරදිග පඬිවරු තමාට ප්‍රයෝගයක් කර ඇති වග දැක, දැඩි කෝපයට පත් හෙරෝද්, එම පඬිවරුන්ගෙන් දැනගත් කාලසීමාවට අනුව, බෙත්ලෙහෙම හා ඒ අවට පළාත්වල වයසින් අවුරුදු දෙකක් වූත්, ඊට අඩු වූත් සියලු පිරිමි දරුවන් මරා දමන්නට මිනිසුන් යැවී ය.
“ඔහු පිළිතුරු දෙමින්, ‘ඔවුන්, දිවැසිවරුන්ටත් සවන් දෙන්නේ නැතිනම්, යමෙක් මරණින් නැගිට ආවත්, ඔවුන්ට ඒත්තුගැන්විය නො හැකි ය’ කියා කීවා.”
මේ අතර, යේසුස්වහන්සේ සිටින තැන දැන ගතහොත්, උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා පිණිස, ඒ වග තමන්ට දැනුම් දිය යුතු ය යන අණක් නායක පූජකයින් හා පරිසිවරුන් නිකුත් කර තිබිණි.
මන්ද ඔහු නිසා යුදෙව්වන් බොහෝ දෙනකු හැරී යමින්, යේසුස්වහන්සේ තුළ විශ්වාස කරන්නට වූ හෙයිනි.
ඒ අතර යේසුස්වහන්සේ එහි පැමිණ සිටිතැයි දැනගත් යුදෙව්වරු මහත් සමූහයක් උන්වහන්සේ නිසා පමණක් නො ව, උන්වහන්සේ මළවුන්ගෙන් නැගිට වූ ලාසරස් ද දකින පිණිස ආහ.