ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 11:5 - සිංහල කාලීන පරිවර්තනය

යේසුස්වහන්සේ මාර්තාට ද ඇගේ සහෝදරියට ද ලාසරස්ට ද ප්‍රේම කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ජේසුස් වහන්සේ මාර්තාට ද ඇගේ සොහොයුරියට ද ලාසරස්ට ද ප්‍රේම කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ජේසුස් වහන්සේ මාර්තාට ද ඇගේ සොහොයුරියට ද ලාසරස්ට ද ප්‍රේම කළ සේක.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යේසුස්වහන්සේ මාර්තාටද ඇගේ සහෝදරීටද ලාසරුස්ටද ප්‍රේමකළසේක.

පරිච්ඡේදය බලන්න



යොහන් 11:5
11 හුවමාරු යොමු  

ඔවුන් යන මාර්ගයේ යද්දී, යේසුස්වහන්සේ එක් ගමකට පැමිණි කල, මාර්තා නම් වූ ස්ත්‍රියක් තම නිවසට උන්වහන්සේ පිළිගත්තා ය.


එහෙත් සත්කාර බොහොමයක් ගැන සිත් කලබල කර ගත් මාර්තා, ස්වාමින්වහන්සේ වෙත පැමිණ, “ස්වාමිනි, මගේ සහෝදරිය මේ සියලු වැඩ මා විසින් තනිව කරන්නට හැර, පැත්තකට වී සිටින හැටි ඔබ සලකන්නේ නැති ද? මට උදවු කරන්න කියා ඇයට කියන්නැ” යි කීවා ය.


එහෙත් ස්වාමින්වහන්සේ පිළිතුරු දෙමින්, “මාර්තා, මාර්තා, ඔබ බොහෝ දේ ගැන කනස්සලු වෙමින්, නො සන්සුන් වෙලා.


එක්තරා මනුෂ්‍යයෙක් රෝගීව සිටියේ ය. ඔහු, මරියාගේ හා ඇගේ සහෝදරිය වන මාර්තාගේ ගම වූ බෙතානියේ ලාසරස් ය.


එබැවින් සහෝදරියෝ, “ස්වාමිනි, ඔබ ප්‍රේම කරන තැනැත්තා රෝගීව සිටිතැ” යි යේසුස්වහන්සේට දන්වා යැවූහ.


එවිට යුදෙව්වෝ, “මෙතුමා ඔහුට ප්‍රේම කළ තරම පෙනේ දැ!” යි කීවෝ ය.


එබැවින් ලාසරස් රෝගීව සිටින වග ඇසූ කල, උන්වහන්සේ සිටි ස්ථානයේ තව දින දෙකක් නැවතී සිටි සේක.


එවිට ගෝලයෝ උන්වහන්සේ අමතමින්, “රබ්බී, මේ ළඟදී යුදෙව්වන් ඔබට ගල් ගසන්නට සෙව්වා; ආයෙත් ඔබ එහි යනවාදැ?” යි ඇසූහ.


මන්ද ඔබ මට ප්‍රේම කළ නිසාත්, දෙවියන්වහන්සේ වෙතින් මා ආ වග ඔබ විශ්වාස කළ නිසාත්, පියාණන්වහන්සේ ම ඔබට ප්‍රේම කරන සේක.


ඔබගේ නාමය මම ඔවුන්ට දැනගන්නට සැලැස්වීමි. මම එය නොකඩව දැනගන්නට සලසමි. එසේ කරන්නේ ඔබ මට ප්‍රේම කළ ප්‍රේමයම මොවුන් තුළ වන පිණිසත්, මා ද මොවුන් තුළ වන පිණිසත් ය.”