ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක, “ස්වර්ගයට හා පොළොවට ස්වාමියාණන් වූ පියාණන්වහන්ස, ඔබවහන්සේ ප්‍රඥාවතුන්ගෙන් හා උගතුන්ගෙන් මේ දෑ සඟවා, ළා-බාලයින්හට එළිදරවු කළ බැවින් මම ඔබට ස්තුති කරමි.
යොහන් 11:41 - සිංහල කාලීන පරිවර්තනය එවිට ඔවුහු ගල ඉවත් කළහ. යේසුස්වහන්සේ ඇස් ඔසවා බලා, “පියාණෙනි, ඔබවහන්සේ මට සවන් දුන් නිසා මා ඔබට ස්තුති කරනවා. Sinhala New Revised Version එවිට ඔව්හු ගල ඉවත් කළහ. ජේසුස් වහන්සේ ඇස් ඔසවා, “පියාණෙනි, ඔබ මට සවන් දුන් නිසා මම ඔබට ස්තුති කරමි. Sinhala New Revised Version 2018 එවිට ඔව්හු ගල ඉවත් කළහ. ජේසුස් වහන්සේ ඇස් ඔසවා, “පියාණෙනි, ඔබ මට සවන් දුන් නිසා මම ඔබට ස්තුති කරමි. Sinhala Revised Old Version එවිට ඔව්හු ගල අහක්කළෝය. යේසුස්වහන්සේ ඇස් ඔසවා: පියාණෙනි, ඔබ මාගේ වචන ඇසූ නිසා ඔබට ස්තුති කරමි. |
ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ මෙසේ ප්‍රකාශ කළ සේක, “ස්වර්ගයට හා පොළොවට ස්වාමියාණන් වූ පියාණන්වහන්ස, ඔබවහන්සේ ප්‍රඥාවතුන්ගෙන් හා උගතුන්ගෙන් මේ දෑ සඟවා, ළා-බාලයින්හට එළිදරවු කළ බැවින් මම ඔබට ස්තුති කරමි.
පර්වතයක් කැණ තනා තිබූ ඔහුටම අයත් අලුත් සොහොන් ලෙන තුළ දේහය තැන්පත් කළේ ය. ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා තැබූ ඔහු යන්නට ගියේ ය.
යෝසෙප් සිහින් හණ රෙද්දක් මිලට ගෙන අවුත්, උන්වහන්සේගේ දේහය බිමට බාවා, එම හණ රෙද්දෙන් ඔතා, පර්වතයක් කැණ සකසා තිබූ සොහොනක දේහය තැන්පත් කළේ ය. ඔහු ලෙන් පිවිසුමට මහත් ගලක් පෙරළා දොරකඩ වැසී ය.
ඒ අවස්ථාවේදී යේසුස්වහන්සේ ශුද්ධාත්මයාණන්වහන්සේ තුළ ප්‍රමෝදයෙන්, “ස්වර්ගයට හා පොළොවට ස්වාමියාණන් වූ පියාණන්වහන්ස, ඔබවහන්සේ ප්‍රඥාවතුන්ගෙන් හා උගතුන්ගෙන් මේ දෑ සඟවා, ළා-බාලයින්හට එළිදරවු කළ බැවින්, මම ඔබට ස්තුති කරමි. එසේය පියාණෙනි, ඔබගේ ප්‍රිය මනාපය වූයේ එයයි.
“එහෙත් බදු අය කරන්නා ඈතින් සිටගෙන, ස්වර්ගය දෙස ඇස් ඔසවන්නටවත් නො සිතා, තම ළයට ගසා ගනිමින්, ‘දෙවියන්වහන්ස, පව්කාරයකු වූ මට අනුකම්පා කළ මැනව’ යි කීවා.
දැන් වුවත් ඔබතුමා දෙවියන්වහන්සේගෙන් කවර දෙයක් ඉල්ලුවත්, දෙවියන්වහන්සේ එය ඔබට දෙන වග මා දන්නවා” යි කීවා ය.
එසේ පැවසූ යේසුස්වහන්සේ ස්වර්ගය දෙස නෙත් යොමා, මෙසේ පැවසූ සේක. “පියාණෙනි, පැය පැමිණිලා. පුත්‍රයා විසින් ඔබවහන්සේ මහිමයට පමුණුවන පිණිස, ඔබගේ පුත්‍රයාණන් මහිමයට පැමිණෙවුව මැනව.
සතියේ පළමු දින හිමිදිරි උදයේ මද අඳුරේ සොහොන වෙත පැමිණි මග්දලාහි මරියා සොහොන් ලෙනේ ගල ඉවත් කර තිබෙනු දුටුවා ය.
එහෙත් ස්තේපන් ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණව, ස්වර්ගය දෙස ඉහළ බැලූ කල, දෙවියන්වහන්සේගේ තේජෝ මහිමය ද දෙවියන්වහන්සේගේ දකුණු පස යේසුස්වහන්සේ සිටගෙන සිටිනු ද දැක,
කිසි දෙයක් ගැන කනස්සලු නො වී, හැම දෙයකදීම යාච්ඤාවෙන් හා කන්නලව්වෙන් යුතුව, ස්තුති කරමින්, ඔබේ ඉල්ලීම් දෙවියන්වහන්සේ වෙත පිළිගන්වන්න.