ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 10:31 - සිංහල කාලීන පරිවර්තනය

යුදෙව්වෝ උන්වහන්සේට ගල් ගසන පිණිස, යළි ගල් අහුලා ගත්තෝ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

උන් වහන්සේට ගසන්නට ජුදෙව්වරු නැවත ගල් අතට ගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

උන් වහන්සේට ගසන්නට ජුදෙව්වරු නැවත ගල් අතට ගත්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

යුදෙව්වරු උන්වහන්සේට ගසන්ට නැවතත් ගල් අතට ගත්තෝය.

පරිච්ඡේදය බලන්න



යොහන් 10:31
13 හුවමාරු යොමු  

එහෙත් පරිසිවරු එතැනින් නික්ම ගියාහු, උන්වහන්සේ මරා දමන්නේ කෙසේදැයි කුමන්ත්‍රණ කළහ.


“බදුකරුවෝ ඔහුගේ සේවකයන් අල්ලා, එකකුට තැලූහ; තවකකු මැරූහ; අනෙකාට ගල් ගැසූහ.


මෙසේ, ධර්මිෂ්ඨ ආබෙල්ගේ ලේ පටන් ශුද්ධස්ථානයටත්, පූජාසනයටත්, අතරදී නුඹලා විසින් මරා දමන ලද බරාකියාගේ පුත් සෙකරියාගේ ලේ දක්වා, පොළෝ තලය මත මරා දමන ලද සියලු ධර්මිෂ්ඨයින්ගේ ලේවල වරද නුඹලා පිටට එනු ඇත.


“ඔබ කවරෙක් දැ?” යි අසන පිණිස, යුදෙව්වන් ඔහු වෙත යෙරුසලමේ සිට ලෙවීවරුන් හා පූජකයින් යැවූ කල, යොහන්ගේ සාක්ෂිය වූයේ මෙයයි:


එවිට යුදෙව්වෝ උන්වහන්සේ වටකරගෙන, “ඔබ තව කොතෙක් කලක් අප දෙගිඩියාවෙන් තියනවා ද? ඔබ ක්‍රිස්තුස්වහන්සේ නම් පැහැදිලිව අපට කියන්නැ” යි කීහ.


යේසුස්වහන්සේ ඔවුන්ට කතා කොට, “පියාණන්වහන්සේ වෙතින් වූ හොඳ වැඩ බොහොමයක් මා ඔබට පෙන්වූවා. ඔබ මට ගල් ගසන්ට යන්නේ ඒ කුමණ එකට දැ?” යි ඇසූ සේක.


එවිට ගෝලයෝ උන්වහන්සේ අමතමින්, “රබ්බී, මේ ළඟදී යුදෙව්වන් ඔබට ගල් ගසන්නට සෙව්වා; ආයෙත් ඔබ එහි යනවාදැ?” යි ඇසූහ.


උන්වහන්සේ මරා දැමීමට යුදෙව්වන් වඩාත් වෙර දැරුවේ මේ නිසා ය; ඒ, උන්වහන්සේ සබත් නීති කඩ කළා පමණක් නො ව, දෙවියන්වහන්සේ ස්වකීය පියාණන් ය කියා ගනිමින්, දෙවියන්වහන්සේ හා සම තත්වයක් පවරා ගත් බැවිනි.


එවිට ඔවුහු උන්වහන්සේට දමා ගසන පිණිස, ගල් අවුලා ගත්හ. එහෙත් යේසුස්වහන්සේ මුවා වී, දේව මාලිගාවෙන් පිටව ගිය සේක.


නුඹලාගේ පියවරුන් පීඩා නො කළ එක් දිවැසිවරයකු හෝ සිටියේ ද? ධර්මිෂ්ඨයාණන්ගේ පැමිණීම ගැන අනාවැකි කී අය පවා, ඔවුහු මරා දැමූහ. දැන් නුඹලා උන්වහන්සේ පාවා දී, මරා දමා ඇත.