ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




යොහන් 1:23 - සිංහල කාලීන පරිවර්තනය

යොහන් පිළිතුරු දෙමින්, “යෙසායා දිවැසිවරයා පෙර කී අනාවැකිය පරිදි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය සෘජු ලෙස සකස් කරනු’ යි කී කාන්තාරයේ හඬගසන්නාගේ කටහඬ මම යැ” යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

“මම නම්, යෙසායා දිවැසිවරයා කී පරිදි, ‘සමිඳාණන්ගේ මඟ පිළියෙළ කරන්නැ’යි පාළුකරයෙහි මොරගසන්නෙකුගේ හඬ වෙමි”යි ජොහන් පිළිතුරු දුනි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

“මම නම්, යෙසායා දිවැසිවරයා කී පරිදි, ‘සමිඳාණන්ගේ මඟ පිළියෙළ කරන්නැ’යි පාළුකරයෙහි මොරගසන්නෙකුගේ හඬ වෙමි”යි ජොහන් පිළිතුරු දුනි.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ඔහුද: මම වනාහි අනාගතවක්තෘවූ යෙසායා කී හැටියට–ස්වාමීන්වහන්සේගේ මාර්ගය සමතලාකරන්නය කියා වනයෙහි හඬගසන්නෙකුගේ ශබ්දය වෙමියි කීවේය.

පරිච්ඡේදය බලන්න



යොහන් 1:23
9 හුවමාරු යොමු  

දිවැසිවර යෙසායා මඟින්: “කාන්තාරයේ හඬගසන්නකුගේ කටහඬකි, ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු, උන්වහන්සේට සෘජු මාවත් සාදනු’ ” යි කියැවුණේ මොහු ගැන ය.


“පාළුකරයේ හඬගසන්නකුගේ කටහඬකි; ‘ස්වාමින්වහන්සේගේ මාර්ගය පිළියෙල කරනු. උන්වහන්සේට සෘජු මාවත් සාදනු’” යි සඳහන් අයුරින්,


ඔවුහු යළි ප්‍රශ්න කරමින්, “එහෙනම් ඔබ කවුරු ද? අප එවූ අයට අප උත්තරයක් ගෙන යා යුතුයි; ඔබ කියන්නේ ඔබ කවුරුන් ය කියා දැ?” යි ඇසූහ.


එවිට පරිසිවරුන් විසින් එවනු ලැබූ අය,


‘මා ක්‍රිස්තුස්වහන්සේ නො ව, උන්වහන්සේට පෙරටුව එවනු ලැබූ තැනැත්තා යැ’ යි මා කී වගට ඔබට සාක්ෂි දැරිය හැකියි.