ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




මාක් 9:45 - සිංහල කාලීන පරිවර්තනය

එසේම ඔබගේ පය, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා වෙන් කර දමන්න. මන්ද කොරකු සේ ජීවනයට ඇතුළු වීම, දෙපා ඇතිව නිරයට හෙළනු ලැබීමට වඩා හොඳ ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ඔබේ වැටීමට හේතුව ඔබේ පාදය නම් එය කපා දමන්න. දෙපා ඇතිව අපායට හෙළනු ලැබීමට වඩා කොර ව ජීවනයට ඇතුළුවීම ඔබට යහපත.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබේ වැටීමට හේතුව ඔබේ පාදය නම් එය කපා දමන්න. දෙපා ඇතිව අපායට හෙළනු ලැබීමට වඩා කොර ව ජීවනයට ඇතුළුවීම ඔබට යහපත.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹේ පය ඔබට බාධාකෙරේ නම් ඒක කපාදමන්න. දෙපය ඇතුව නිරයෙහි හෙළනු ලැබීමට වඩා කොරව ජීවනයට ඇතුල්වීම නුඹට හොඳය.

පරිච්ඡේදය බලන්න



මාක් 9:45
5 හුවමාරු යොමු  

ඔබේ අත හෝ ඔබේ පය ඔබ පාපයට පොලඹවයි නම්, එය කපා ඉවත වීසි කරන්න. අබ්බගාතව හෝ කොරව හෝ ජීවනයට ඇතුළු වීම, දෑත් හෝ දෙපා ඇතිව සදාතන ගින්නට හෙළනු ලබනවාට වඩා හොඳ ය.


එහෙත් මා ඔබට කියන්නේ තම සහෝදරයා සමඟ කෝප වන කවරකු වුවත්, විනිශ්චයට යටත් වගයි. තම සහෝදරයාට ‘රකා’ හෙවත් මෝඩයායි අපහාස කරන කවරකු වුව, මන්ත්‍රණ සභාවට යටත් ය; ‘ජඩයා’ යි අවමන් කරන කවුරුන් වුව, නිරා ගින්නට යටත් ය.


ඔබගේ අත, පාපයට ඔබ පොලඹවයි නම්, එය කපා වෙන් කර දමන්න. මන්ද අබ්බගාතව ජීවනයට ඇතුළු වීම, දෑත් ඇතිව නො නිවෙන ගින්නක් ඇති නිරයට යෑමට වඩා හොඳ ය.


එහිදී, ඔවුන්ගේ පණුවා නසින්නේ නැත. ඔවුන්ගේ ගින්න නිවෙන්නේ නැත.


එහිදී, ඔවුන්ගේ පණුවා නසින්නේ නැත. ඔවුන්ගේ ගින්න නිවෙන්නේ නැත.